දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම්
මම උන්නේ ඔබෙ වෙන්න අත් දෙක අරන්
එනමුත් අපේ කරුමේ එක්කලා තවත්
සැනසෙන්න බෑ එතුල ඇත්තෙම දුකක්
දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම්.........

හැර යන්න ආදරයේ නිර්මල පැතුම්
පාරන්න හිතුවාද ඇතිකර ගැටුම්......//
වැළපෙන්න බැරි හිතට මේ හැටි රිදුම්
පෑහෙන්නේ නෑ වැරදිකාරියේ ඉතින්....
දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම්.......

ගනඳුරට පෙම් බඳින තරු යායට
මල් යාය විකසිත වෙලා කුමකට....//
මං ආයේ හිනැහෙන්න උර මඬලට
ළංවෙන්නේ නෑ කඳුළු පූජා කර....

දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම්
මම උන්නේ ඔබෙ වෙන්න අත් දෙක අරන්
එනමුත් අපේ කරුමේ එක්කලා තවත්
සැනසෙන්න බෑ එතුල ඇත්තෙම දුකක්
දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම්.......

ගායනය : රොෂාන් ප්‍රනාන්දු

0 Comments:

Post a Comment



Blogger Template by Blogcrowds