ඔයා නිසා හඬලා...

ඔයා නිසා හඬලා...
මගේ ඇසුත් රිදුනා...
තරහා වෙලා හැර ගියදා
පාලුවේ උන්නේ...
වේදනා දැනුනේ..........//

සිහි කරලා ඔබ ගැන මා හඬලා...
තව මට නෑ සැනසිල්ලක් ලැබිලා...
පෙම බිඳලා ඔබ ගියදා ඉඳලා...
තනිවීලා ඉන්නේ සැමදා...
ඉන්නේ සැමදා.........

ඔයා නිසා හඬලා...
මගේ ඇසුත් රිදුනා...
තරහා වෙලා හැර ගියදා
පාලුවේ උන්නේ...
වේදනා දැනුනේ...........

සෙනෙහස මා මඳ සුළඟක් කරලා...
පා කෙරුවා එන ලෙස ඔබ සොයලා...
සුසුමක් වී ඒ සුළඟේ එතිලා...
එනු මැනවි මා හා බැඳිලා...

ඔයා නිසා හඬලා...
මගේ ඇසුත් රිදුනා...
තරහා වෙලා හැර ගියදා
පාලුවේ උන්නේ...
වේදනා දැනුනේ...........

ගායනය : රොෂාන් ප්‍රනාන්දු

0 Comments:

Post a Comment



Blogger Template by Blogcrowds