අම්මා.....

සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව - කවදා හෝ යළි දකින තුරා
රැවිපිළි රැවි දී ඇසෙන ඔබේ හඩ - යළි මගෙ සවනට වැකෙන තුරා
විදින්න දුන් ජීව්තය අරන් මම - විදවන්නද මේ භවය පුරා

දෙලොවක් අතරේ සරන ඔබේ හිත - මෙතරම් සසැලෙන් නැතුව ඇතී
ඔබ මගෙ මුලූ ලෝකයම නිසා මට - වැඩියෙන් දුක දැනෙනවා ඇතී
විදින්න දුන් ජීව්තය අරන් මම - විදවන්නද මේ භවය පුරා

භවයෙන් භවයේ අහිමිව හිමිවන - නොපිරූ පාරමිතාව පුරා
සමුගනිමුද අපි අපේම වූ මතු භවයක - යළි හමුවෙමුයි පතා
විදින්න දුන් ජීව්තය අරන් මම - විදවන්නද මේ භවය පුරා


ගායනය : දයාන් විතාරණ

වාසනා වේවා.....
වාසනා වේවා.....
පින්බර යුවතිය කුල කුමරිය වී
මංගල මල් නැකතේ....
පින්බර කුමරකු අතිනත ගෙන ඈ
දීගෙක යන දවසේ....
වාසනා වේවා.....
වාසනා වේවා.....

කුළුඳුල් මංගල පියවර තබනා
නොඉඳුල් සුන්දර යුවලකි අගනා
චාමර සේසත් සැලෙමින් සදනා
ආසිරි වාදෙන් ආසිරි වේවා....

වාසනා වේවා.....

සිතුවිලි පිවිතුරු නම් අද දවසේ
හෙට දවසත් එලෙසින් පිවිතුරු වේ
දිවි මග සෙත් මල් පිපෙන පැයේ
පිවිතුරු බව රැකවරණය වේ....

වාසනා වේවා.....

ගායනය : සනත් නන්දසිරි

Blogger Template by Blogcrowds