විකසිත වත කමලේ
නෙත් බඹරුන් පැටලේ
බැල්මට නෙතු සගලේ
සිත සිතුවිලි සසලේ
ලදුලේ මා දකිනා
සිහිනේ හද සැලුනා ..//

ඈත නීල අහසේ
පාට දේදුණු දහසක්‌ පායාලා
මාගේ ජීවිතේ සැණකෙලියක්‌ වාගේ
ඒ ආදරේ ..

විකසිත වත කමලේ ...

දෑස සිහින රේකා
කීවේ නෑ සුර රහසක්‌ කොදුරාලා
මාගෙ ජීවිතේ මල් උයනක්‌ වාගේ
ඒ ආදරේ ..

විකසිත වත කමලේ ...

ගායනය :- සනත් නන්දසිරි


සඳගල නුවර එන්න අවසර වරම්
දෙන්නරෑ සඳ වෙලා ඉන්න
නුඹ එනවද කියන්න
කින්නරාවියේ ...

සඳ දිය ඉවුරු ඉඹින ගඟබඩ තුරු සෙවණේ
හිත උණුසුම් කරන්න හදවත ළඟින් ඉන්න
නුඹ එනවද කියන්න
කින්නරාවියේ ...

අත්වැල් බැඳන් එකට පියවර මැන යන්නට
කින්නර දා වත යළි නුඹෙ නාමෙන් ලියන්න
නුඹ එනවද කියන්න
කින්නරාවියේ ...

ගායනය :- සුනිල් එදිරිසිංහ

Blogger Template by Blogcrowds