පූජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැගිටින්නේ

ඉසුරින් කිත් යසසින් බබලන දා
ඔබගේ බැනුමත් ගීයක් වේ
ඉසුරින් කිත් යසසින් පිරිහුනු දා
සිනාසුනත් එය වරදක් වේ

පූජාසනයේ ඔබ හිඳුවා....

කිරියෙන් පැණියෙන් උතුරා යන කල
ලොව ඔබ පාමුල හඬා වැටේ
අතමිට හිඟ වී බෙල සුන් වන කල
ලොව ඔබ හිස මත කඩා වැටේ

පූජාසනයේ ඔබ හිඳුවා....

ගායනය :නන්දා මාලනී

සද මා හා සිනාසුනා
තරු මා හා සිනාසුනා
ඔබ මා හා සිනාසුනේ නැ
ඔබ මා හා කතාකලේ නැ...

පුරා පෝය හද අහසට එන විට
මා එනවා බෝ මලුව දිහාවට
බෝ මලුවේ හිද පහන් කුලුන යට
පෙරුම් පුරනවා ඔබ දැක ගන්නට

සද මා හා සිනාසුනා......

පුරා පෝය හද පායන විලසේ
ඔබ එනවා බෝ සමිදු පුදන්නට
නාදුනනා ලෙස ආපසු යනවිට
සුසුම් නැගෙනවා හද උතුරන්නට

සද මා හා සිනාසුනා......

ගායනය : දයාරත්න රණතුංග

සිනහව අතරින් කදුලක් උපන්නා
ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා....//

හිම කැට වටෙනා සීතල උදයක..//
ඇය හමු වූවා කදුකර පෙදෙසක..//
හිම මෙන පිරිසිදු ඔබ ආදරයේ
සතුට ලබෙන්නේ කෙලෙසද සොදුරිය
කදුලැලි දුන් ඔය නිල්මිනි දෑසට..//
පමනයි කෙල්ලේ ආලය කෙරුවේ

සිනහව අතරින්........//

හදවත ගොලු නැත මා මියුලැසියේ
ගොලු කලේ කව්දැයි ඔබ නේද දන්නේ
ඔබ පමනයි මට සතුටට හිටියේ....//
ඇයි ඒ සතුටත් ඉවතට දැම්මේ
නිල්මිනි දෑසට මම සුදු ආසයි
ඔබේ ඔය දෑසට මම සුදු ආසයි
කවදත් නොලැබෙන මිරිගුව ඒකයි

සිනහව අතරින්........//

ගායනය : මිල්ටන් මල්ලවආරච්චි

මුතු කැට වැටෙනා පෝරුව අබියස
මනමාලියනේ හඩනු එපා..
රන්කෙන්ඩිය සෙත් පැන් විසිරීදා..
විල්ලුද රන්පට තෙමනු එපා

රන් පලසේ මිනි කැන් වැස්සේ
මංගල මදුසමයේ
රෑ.........
මුහුණු වසාගෙන කදුලු සලන්නට එපා
කිසි දිනෙක යෙහෙලියේ

රෑ යහනේ නිදි පෙම් සිහිනේ
මංගල මදුසමයේ
රෑ.........
ඈත බලාගෙන කදුලු සලන්නට එපා
කිසි දිනෙක යෙහෙලියේ

මුතු කැට වැටෙනා....

ගායනය : රූකාන්ත ගුණතිලක

සුසුම් ලමින් මගේ දිහා
අමනාපෙන් බලයි...
එතකොට නෙතු අග්ගිස්සෙන්
කඳුලු බිඳක් වැටෙයි...
බැරිඋනම තැනදී දොස් කිව්වත්
මගෙ හිතටත් දුකයි...
ආදරේට මුරණ්ඩුකම
හොඳ ලකුණක් නොවෙයි...

රණ්ඩු කරන කිරිල්ලී
යන්න හදයි ඉගිල්ලී...
රණ්ඩු නොකර කිරිල්ලී
නොයා ඉඳින් ඉගිල්ලී...

මම දෙයකට හා කිව්වම
නුඹ මට බෑහැ කියයි...
විරසකයෙන් මුහුන නොරක්
කරන් කාලේ ගෙවයි...
යළි මදසක් හෙලා.....
යළි මදසක් හෙලා කියනා දේ නම්
මට හැඟෙයි...
ලෙංගතුකම වැඩි උනාම
මමත් ඔහොම තමයි...

රණ්ඩු කරන කිරිල්ලී
යන්න හදයි ඉගිල්ලී...
රණ්ඩු නොකර කිරිල්ලී
නොයා ඉඳින් ඉගිල්ලී...

මට අතපසු උනොත් යමක්
බොහොම දුකින් හිඳියි...
ඒත් හිතේ යටින්
ඇත්තේ ආඩම්බරකමයි...
නුඹ යළිත් ලංවෙලා......
නුඹ යළිත් ලංවෙලා
කවනා බත්කට මට රසයි...
අහිංසකයි රණ්ඩුකරත්
කිරිල්ලී මට අගෙයි...

සුසුම් ලමින් මගේ දිහා
අමනාපෙන් බලයි..........

ගායනය : කරුණාරත්න දිවුල්ගනේ

බුදු කරුණා දෑස තෙමී
මෙත් සිහිලැල් ඇද හැලුනා
නිවා තාප ලෝකතරේ
අමා වතුර ගලා බසී

කදු වැටි වල නිසොල්මනේ
ගහකොල මල් පිපී නටයි...//
නැවුම් පොලොව නව නිල්ලේ
බුදු සිරිපා පහස ලබයි....

කෙලෙස් මලින් උකඨලි සිත
නිවා තවම සුවය සොයයි..//
නිසල ඔබේ බුදු රුව ලග
මගෙ හද භාවනා කරයි...

බුදු කරුණා දෑස තෙමී........

ගායනය :නන්දා මාලනී

සමකෝණී ත්‍රිකෝණයකි
ඔබත් මාත් ඇයත් තිදෙන
ඔබ එක මුල්ලක සිටියා
ඇය තව මුල්ලක සිටියා ......
ඔබ එක මුල්ලක සිටියා
ඇය තව මුල්ලක සිටියා
නෙත් සතරක පහස ලබා
මම මේ මුල්ලේ සිටියා.....

ඔබ මගෙ ආදරය පතයි
ඇය මගෙ ආදරය පතයි...
ඔබ මගෙ ආදරය පතයි
ඇය මගෙ ආදරය පතයි....
දෙන්නාටම මාත් හිතයි
ත්‍රිකෝණයේ පාද සමයි ......
දෙන්නාටම මාත් හිතයි
ත්‍රිකෝණයේ පාද සමයි ......

සමකෝණී ත්‍රිකෝණයකි
ඔබත් මාත් ඇයත් තිදෙන
සමකෝණී ත්‍රිකෝණයකි
ඔබත් මාත් ඇයත් තිදෙන....

සමඡ්ඡේදනය කරලා
දෙන්නට බැහැ පෙම බෙදලා
සමඡ්ඡේදනය කරලා....
දෙන්නට බැහැ පෙම බෙදලා....
අපි තුන් මුල්ලටම වෙලා
ඉමු මුහුණට මුහුණ බලා ......
අපි තුන් මුල්ලටම වෙලා
ඉමු මුහුණට මුහුණ බලා ......

සමකෝණී ත්‍රිකෝණයකි
ඔබත් මාත් ඇයත් තිදෙන
ඔබ එක මුල්ලක සිටියා
ඇය තව මුල්ලක සිටියා ......
ඔබ එක මුල්ලක සිටියා
ඇය තව මුල්ලක සිටියා
නෙත් සතරක පහස ලබා
මම මේ මුල්ලේ සිටියා.....
සමකෝණී ත්‍රිකෝණයකි
ඔබත් මාත් ඇයත් තිදෙන
සමකෝණී ත්‍රිකෝණයකි
ඔබත් මාත් ඇයත් තිදෙන ........

ගායනය :දයාරත්න රණතුංග

ඇහෙනවනම් හිත හඩන තරම්
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ
පෙරදින රජ මැදුරක උන්නේ
අද මා මහමග සැතපෙන්නේ...
ඇහෙනවනම් හිත හඩන තරම්
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ......

පතන පැතුම් සුළගට මුසුවේ
මියුරු වදන් කදුලේ ගොළුවේ...//
සතුට උපන් හැම දින වැළලේ
කුමන නැටුම්දෝ දිවි මඩලේ...

ඇහෙනවනම් හිත හඩන තරම්
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ....

අපගෙ අහිංසක ලොව බිදිලා
ඔබද අනන්තෙක ඇත ‍රැදිලා....//
ගිණි දළු මා ගත වෙළෙනු දැනේ
ඔබ මල් යහනක හිදිනු මැනේ....

ඇහෙනවනම් හිත හඩන තරම්
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ...
පෙරදින රජ මැදුරක උන්නේ
අද මා මහමග සැතපෙන්නේ...//

ආපසු යන්නට පාර කියනවද
දැන් සමු ගන්න ලගයි...
ආයෙත් දවසක අපි හමුවන්නට
කල පින් මදිද හිතෙයි........//

යොදුන් ගනන් දුර ආවේද පසු කර
මල් මාවතක නොවේ
ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන සෙනෙහෙ පිරූවේ

ආපසු යන්නට පාර කියනවද
දැන් සමු ගන්න ලගයි...
ආයෙත් දවසක අපි හමුවන්නට
කල පින් මදිද හිතෙයි........//

කල්ප කාලයක් පෙරුම් පිරූවේ
හෙට සමු ගන්න නොවේ
ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන සෙනෙහෙ පිරූවේ

ආපසු යන්නට පාර කියනවද
දැන් සමු ගන්න ලගයි...
ආයෙත් දවසක අපි හමුවන්නට
කල පින් මදිද හිතෙයි........//


ගායනය : චන්ද්‍රසේන හෙට්ටිආරච්චි

මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි..
මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි..

වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිඳෙනවා..
නුග ගස් පෙළ අප නැතුවත් තව දළුලනවා..
සරසවි බිම කඳුරැල්ලෙන් එතර පෙනෙනවා..
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා..

ඔබ අතගෙන ගිය වීදියෙ ඈ හා යනවා..
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා..
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා..
ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා..

මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි..
මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි..

හිරුමැකි යයි නීල අහසෙ
සෙද මීදුමි මායීමෙ
නිමා වී යයි මෙ වසන්තෙ
යලිත් නේම එයි කිසි දිනෙ
ගිනි කදු පුපුරා ලේ දිය ගලනා තරමි
රිදුමි දෙයි ආදරෙ.

නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා...//

තුෂර පින්නෙ පැතුමි කේවිල්ලෙ
ඔබෙ සෙනෙහෙ මහු හදෙ රැදුනෙ..//
එදා මතකය සිතෙහි අහුරා....එදා මතකය සිතෙහි අහුරා....
කාටවත් නේපෙනී අදුරෙ

නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා...//

දිනහා කදුලෙ දෙනෙත් දේවමින්
දුටුව සිහිනෙ නෙත් වැසුණු අදුරෙ.//
ඈත මීදුමි අතර සගවා...ඈත මීදුමි අතර සගවා...
යන්න ප්‍රිය ලදුනෙ
හද සුසුමි පවනෙ

රැගෙන මා සුභ පැතුමි හද තුටින් යනු මැනෙ...//

හිරුමැකි යයි....

රැගෙන මා සුභ පැතුමි හද තුටින් යනු මැනෙ...//

මෙ නේනීමෙන දිවි ගමනෙ
නිවනෙ මග පෙනෙන තුරා
අමිමෙ ඔබ පුතෙකු වෙලා
මම ඒන්නමි සසර පුරා
මෙ නේනීමෙන දිවි ගමනෙ
නිවනෙ මග පෙනෙන තුරා

පියතුම නැති දා ඉදලා
ගියෙ නෑ මා තනිකරලා
කුසගිනි මට නේම දිලා
දුක වෙදනාව නිවලා
අමිමෙ ඔබ බුදු වෙවා
මවි ගුණ ගී ගයනෙ නමි මා

මෙ නේනීමෙන...

පැටලි නේම මායාවෙන්
ගලවා මා අවමානෙන්
නුවණැස මගෙ පහදාලා
දියුණුවෙ මග පෙන්නාලා
ලැබුවෙ ආශිර්වාදෙ
දිවි මාවන ඒළිය උනෙ

මෙ නේනීමෙන...

දෙවනි බුදුන් ලෙස ලේවම උවමි කල
ලේවක පිදුමි ලද ලේවක උතුමි ලද
අමිමා...අමිමා...අමිමා

දෙසවන් සනසා මා නැළවු ඔබ
මියුරු මියැසියෙ අරුත කියා දුනි
ඒ මියසිය අද මා ගයනා විට
මා සිප ගන්නට ඔබ මා ලග නැත

අමිමා...අමිමා...අමිමා

ඇසට හඩන්නට කදුළැලි දුන් ඔබ
ළතැවුල් දරනා දිරිය ලබා දුනි
ඒදිරියෙන් ලේව ජය ලබනා විට
මා සිප ගන්නට ඔබ මා ලග නැත

අමිමා...අමිමා...අමිමා

සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මා ගේ ළඟින්
හද පිරුණු වේදනා පිසදා සිනා සලා
මට දෙන්න ආදරේ ඔබගේ හදින්

පියැවී ලොවේ කිසිදා එක්වන්නෙ නෑ
එනමුත් මගේ හදින් වෙන්වන්නෙ නෑ
දෙතැන තනිවි සදා
හෙලන සුසුමන් නිවා
ඔබ ඉන්න මාගේ ළඟින්

තිබුනත් හදේ පැතුමන් ඉටුවන්නෙ දෝ
ඔබ ගැන පැතු සිතින් වැල පෙන්න දෝ
කඳුලු හසරැල් මවා
මසිත ලතැවුල් නිවා
ඔබ ඉන්න මාගේ ළඟි

සුදු සේල දවටා මුතු මාල පලදා
සරණේ බැදැලා පිංබර මනමාලියේ
සුභ සිහින ඉටුවී පෙම් කිරුළ දිනුවේ
පිළිගන්න මාගේ සුභ ප්‍රාර්ථනා..

පෙරදාක මාගේ හද මන්දිරේ
සිටියා ඔබේ පෙම්වතා
දෛවේ සිනාසිලා හඩවාලා මා
උදුරා දමා වෙන්කළා..

සුදු සේල දවටා මුතු මාල පලදා
සරණේ බැදැලා පිංබර මනමාලියේ
සුභ සිහින ඉටුවී පෙම් කිරුළ දිනුවේ
පිළිගන්න මාගේ සුභ ප්‍රාර්ථනා..//

දෑසේ මගේ මේ කදුලැල් මකා
දෙතොලේ සිනා කැන්දලා
ගයමි මෙසේ ගීත ජය මංගලම්
ජය මංගලම් සෑමදා..

සුදු සේල දවටා මුතු මාල පලදා
සරණේ බැදැලා පිංබර මනමාලියේ
සුභ සිහින ඉටුවී පෙම් කිරුළ දිනුවේ
පිළිගන්න මාගේ සුභ ප්‍රාර්ථනා..//

Blogger Template by Blogcrowds