මගෙ හද ඔබ ළඟ ඔබෙ හද මා ළඟ
එනමුදු මගෙ අත වෙනතක බැඳ ඇත
දහසක් බැමි ඇත දහසක් ගිනි ඇත
එනමුදු නිවහල් ලොවකුත් ළඟ ඇත

විල්ලුද පලසින් රන්මිණි කැලුමින්
සැරසුණු සිරගෙය මා වටකර ඇත
පිදුරු සෙවිලි කළ ඔබෙ පැල්පත වෙත
එන්නට මට කිසි අවසරයක් නැත

අතීතයේ රස මියුරු සැඳෑවන්
අද මගෙ හදවත අඬවන සුසුමෙකි
මිහිරියෙ අප හට ඉතිරිව ඇත්තේ
අපේ කල්පනා ලෝකය පමණකි

මේ සිරගෙය මැද දෙනෙත් පියාගෙන
සිරුරෙන් මියගොස් මා සිටිනා විට
ඔබේ සිඟිති මඳ සිනහ උපුල් මල්
මගේ සිහින ලොව දස අත සුපිපෙයි

යදම් පවුරු සහ සීමා අතරෙහි
මිරිකී කුමකට හිත රවටන්නෙද
දෑත දෙපා හා සිතද මුදා හැර
මගේ ලොවට දිව එනු මැන සඳවති

ගායනය :- වික්ටර් රත්නායක


රෑ දවල් මල් රැගුම් සිරි පානා
මනරම් සිහිනෙකී මට පේනා...///

හිනෙහෙන විට මුතු දිලිසෙනවා
නලලේ අඩ සද බැබලෙනවා...//
පැතුමට බැරි වු කාටදෝ
සිතනා විලසට සිදුවේදෝ

රෑ දවල් මල් රැගුම් සිරි පානා
මනරම් සිහිනෙකී මට පේනා

ගී දෙක රස ඉතිරේ මුවගින්
නා දළු ලෙලදෙනවා තොලගින්...//
අප සිඔ සිඔ හමනා සුලගේ
යලි හමුවන්නේ කොතනදෝ

රෑ දවල් මල් රැගුම් සිරි පානා
මනරම් සිහිනෙකී මට පේනා...///

ගායනය :- එච්.ආර්. ජෝතිපාල, 


පෙර දින ඔබ මා හැර ගිය මොහොතේ
මා තනි උනු මොහොතේ
පෙර දින ඔබ මා හැර ගිය මොහොතේ
මා තනි උනු මොහොතේ
ඔබ වේ මගේ මුලු ජිවිතේ
තනි කර දමා ඇයි ඔබ ගියේ
ඔබ වේ මගේ මුලු ජිවිතේ
තනි කර දමා ඇයි ඔබ ගියේ
මිලිනව ගිය ඒ සිහින වසන්තේ
අද සැගව ගියාවේ......
පෙර දින ඔබ මා හැර ගිය මොහොතේ
මා තනි උනු මොහොතේ
මිලිනව ගිය ඒ සිහින වසන්තේ
අද සැගව ගියාවේ......

සරා හදේ සැරී සරා පාවී ආව
නෙතේ කැළුම් දිදි මුවේ පෑ සිනාව
සුරංගනාවියේ කොයිබදෝ
ඔබ පාවී ගිහින්
සරා හදේ සැරී සරා පාවී ආව
නෙතේ කැළුම් දිදි මුවේ පෑ සිනාව
සුරංගනාවියේ කොයිබදෝ
ඔබ පාවී ගිහින්.......

ඔබ වේ මගේ මුලු ජිවිතේ
තනි කර දමා ඇයි ඔබ ගියේ

පෙර දින ඔබ මා හැර ගිය මොහොතේ
මා තනි උනු මොහොතේ.....

දෙනෙත් ඔබේ වසා මගෙන් සමුගෙන
කුමාරියේ ඔයා ඉතින් තනිවම
සුරංගනාවියේ කොයිබදෝ
 ඔබ පාවී ගිහින්
දෙනෙත් ඔබේ වසා මගෙන් සමුගෙන
කුමාරියේ ඔයා ඉතින් තනිවම
සුරංගනාවියේ කොයිබදෝ
ඔබ පාවී ගිහින්..

ඔබ වේ මගේ මුලු ජිවිතේ
තනි කර දමා ඇයි ඔබ ගියේ.....

පෙර දින ඔබ මා හැර ගිය මොහොතේ
මා තනි උනු මොහොතේ.....
මිලිනව ගිය ඒ සිහින වසන්තේ
අද සැගව ගියාවේ......

ගායනය : සම්පත් අනුරුද්ධ

සැඳෑ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනෙන්
ඈත් වූ සඳ මගෙ සරා සඳ
තනි වෙලා මා තනි වෙලා.....
සැඳෑ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනෙන්
ඈත් වූ සඳ මගෙ සරා සඳ
තනි වෙලා මා තනි වෙලා.....

වළාකුලකුදු නොමැති අහසේ
මලානික වූ මගෙ සිතුවිලි
ගල් ගැසී ඇත පාළු වී ඇත
කදුළ පමණක් රජ වෙලා........

සැඳෑ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනෙන්
ඈත් වූ සඳ මගෙ සරා සඳ
තනි වෙලා මා තනි වෙලා.....

ඔබේ පැල්පත මගේ පැල්පත
අතර ඇත්තේ රැයක් පමණයි
ගව් ගනන් දුර ජීවිතේ බර
මගේ හිස මත රජ වෙලා.........

සැඳෑ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනෙන්
ඈත් වූ සඳ මගෙ සරා සඳ
තනි වෙලා මා තනි වෙලා.....
සැඳෑ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනෙන්
ඈත් වූ සඳ මගෙ සරා සඳ
තනි වෙලා මා....... තනි වෙලා.....

ගායනය : කසුන් කල්හාර

එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට
නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට
හැර ගිය දිනේ නාවත් මා ගම් දොරට
ආවේ ඇයි ද විරහී හිත අද්දරට

විස්මිත මට අදහන්නට බෑ තවම
මා හැර දමා නුඹ ගිය මග ගැන අරුම
සතුකර ගන්ට මුල් පෙම නොපිදූ බැවින
දුක්බර සිතට කීවෙමි නොහඩන ලෙසට

එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට
නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට
හැර ගිය දිනේ නාවත් මා ගම් දොරට
ආවේ ඇයි ද විරහී හිත අද්දරට

සිටිනා කොදෙව්වක නුඹ සැප විදීනම්
මවෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම්
මතකය නුම ට හිරිහැරයක් නොවේ නම්
තව කුමකටද දුක් ගී කල්පනාවන්
තව කුමකටද දුක් ගී කල්පනාවන්
තව කුමකටද දුක් ගී කල්පනාවන්

ගායනය : රොහාන් ශාන්ත බුලේගොඩ

පෙරදාක සුසුමක් හිත රැදී
සෙනෙහසින් පිදුවා මිහිරැති....
සංසාර ගමනේ දුරඇතී....
ගැඹුරුයිද ආදරේ මේ හැටි...
ගැඹුරුයිද ආදරේ මේ හැටි...

හුරුපුරුදු ජීවිතේ තව ඉගිලෙන්න හිතේනවානම්
හෙවනැල්ලවී දිවියේ තුරුලේ රැදී...
කුළුදුල්ම හීනයක් ඒ...මහමෙර වගේ උසනම්.
තවදන්නෙ නෑ නුබත් මගෙ ආදරේ තරම්

පෙරදාක සුසුමක් හිත රැදී
සෙනෙහසින් පිදුවා මිහිරැති....
සංසාර ගමනේ දුරඇතී....
ගැඹුරුයිද ආදරේ මේ හැටි...
ගැඹුරුයිද ආදරේ මේ හැටි...

තනිකඩ හිතේ නැවතිලා පෙම් අරඹුමේ වැහිඅරන්
නොමැකෙන්න සේ සෙනෙහේ සිතුවම් ඇදී....
දුර යනෙන ජීවිතේ දිගු හිමිකම නුබේ ලගනම්
හිත පිරුනු ආදරේ උහුලන්න බැරි තරම්........

පෙරදාක සුසුමක් හිත රැදී
සෙනෙහසින් පිදුවා මිහිරැති....
සංසාර ගමනේ දුරඇතී....
ගැඹුරුයිද ආදරේ මේ හැටි...
ගැඹුරුයිද ආදරේ මේ හැටි...

ගායනය : තීක්ෂණ අනුරාධ

එක කුඩයක් යට ගෑවි නොගෑවී
දවසක් හැන්දෑවේ....
මතකද ඔබ මා පියවර මැන්නා
පිණිමල් වරුසාවේ....
එක කුඩයක් යට ගෑවි නොගෑවී
දවසක් හැන්දෑවේ....
මතකද ඔබ මා පියවර මැන්නා
පිණිමල් වරුසාවේ....

කිසිවකු සමගින් එකට තුරුලු වී
ඉර බැස යන වේලේ...
ඔබ යනු දුටු විට මතකය රිදවයි
අපෙ ඉස්සර කාලේ...
අපෙ ඉස්සර කාලේ...

එක කුඩයක් යට ගෑවි නොගෑවී
දවසක් හැන්දෑවේ....
මතකද ඔබ මා පියවර මැන්නා
පිණිමල් වරුසාවේ....

මද අව් රස්නෙට වුව සෙවනක් ඇත
ඔබ හට අද දවසේ....
වැස්සට අව්වට තනිව මුහුණ දෙමි
මගේ මහිම එලෙසේ.....
මගේ මහිම එලෙසේ.....

එක කුඩයක් යට ගෑවි නොගෑවී
දවසක් හැන්දෑවේ....
මතකද ඔබ මා පියවර මැන්නා
පිණිමල් වරුසාවේ....

ගායනය : වික්ටර් රත්නායක


මගේ ජීවිතේ පුරා...
එකම සිතින් ප්‍රාර්ථනා....
මගේ ජීවිතේ පුරා
එකම සිතින් ප්‍රාර්ථනා
කෙලෙස හෝ වේදනාවෝ..
සඟවා තබා ගමි....
සඟවා තබා ගමි....

සඳ සෙවනේ අපි තරු ගැනලා
ඒ තරමට පැතුමන් පුරලා
සඳ සෙවනේ අපි තරු ගැනලා
ඒ තරමට පැතුමන් පුරලා
කවදාවත් නෑ තරහ වෙලා
අද නෑ....., අද නෑ තාරකාවී
අඳුරෙන් වැසී ගියේ...
අඳුරෙන් වැසී ගියේ...

මගේ ජීවිතේ පුරා
එකම සිතින් ප්‍රාර්ථනා
කෙලෙස හෝ වේදනාවෝ..
සඟවා තබා ගමි....
සඟවා තබා ගමි....

සුදු වැලි යට අද සැතපීලා
ඝන අඳුරින් ලෝකය වැසිලා
සුදු වැලි යට අද සැතපීලා
ඝන අඳුරින් ලෝකය වැසිලා
ඉවසා ගන්නේ කෙලෙසද මා
යළි නෑ......., යළි නෑ ආයෙ එන්නේ
වෙනදා වගේ සදා
වෙනදා වගේ සදා

මගේ ජීවිතේ පුරා
එකම සිතින් ප්‍රාර්ථනා
කෙලෙස හෝ වේදනාවෝ..
සඟවා තබා ගමි....
සඟවා තබා ගමි....///

ගායනය : සේනානායක වේරලියද්ද


හැඟුම් මත් කළා ඒ නුරා දෑසේ මායා
නැගූ මල් සිනා හද පුරා සුවඳ දීලා
ඉගිලී ගියාදෝ සයුරෙන් එහා
දුර යන්නේ හැංගෙන්නේ මගේ හිත දවාලා
සිනාසෙන්න බෑ නේ
ඔබේ සුවඳ නෑ නේ
කොහේදෝ මා දමා ඉගිලුනේ.. //

නිල්වන් ගැබේහී සඳ හැංගුනා සේ
ඔබ එයිද ආයේ දෑස පේන මානයේ
මල පරවුනා සේ නොපිපේද ආයේ
හද රැන්දු සිහිනේ බොඳ වෙයිද මාගේ
හද විලම සනසන්න දුක මගේ නිවා..ලා
සිනාසෙන්න බෑ නේ..
ඔබේ සුවඳ නෑ නේ...
කොහේදෝ මා දමා ඉගිලුනේ.... //

සංසාර හීනේ ඔබ නේද මාගේ
මේ පෙම් කතාවේ ගිනි ඇවිලිලානේ
හමුවන්න ආයේ පෙරුමන් පුරන්නේ
ගිනි දැවෙන ලෝකයේ මං තනි වෙලානේ
මුණ ගැහුන තැන තාම මම ඉන්නවා...
සිනාසෙන්න බෑ නේ..
ඔබේ සුවඳ නෑ නේ..
කොහේදෝ මා දමා ඉගිලුනේ........ ///
සිනාසෙන්න බෑ නේ.....

ගායනය : රොමේෂ් සුගතපාල


හිත අනන්තයට දුර රැගෙන ගිහින්
නෙතු පියන් පුරා නුඹ රුවම ඇවිත්
මුදු සිහිල් පවන් නුඹේ සුවඳ ගෙනැත්
නුඹ මටත් හොරෙන් මගෙ හිතම අරන්

සේපාලිකා...සේපාලිකා...සේපාලිකා.....

සඳ මණ්ඩලේ සඳ කැන් මැදින්
නුඹ හැංගුනා මතකයි සැරයක්
මුතු වැල් වගේ දිය රැල් දිගේ
නුඹ දුර ගියා තව එක දවසක්

සේපාලිකා...සේපාලිකා...සේපාලිකා.....

නිල් අම්බරේ හැඩ හංගමින්
නුඹ හිනැහුනා මතකයි තවමත්
හද මන්දිරේ දොරගුල් හරිමින්
මම පෙම් කලේ නුඹටයි කවදත්

සේපාලිකා...සේපාලිකා...සේපාලිකා.....

ගායනය : තීක්ෂණ අනුරාධ

Blogger Template by Blogcrowds