පෙරදාක සුසුමක් හිත රැදී
සෙනෙහසින් පිදුවා මිහිරැති....
සංසාර ගමනේ දුරඇතී....
ගැඹුරුයිද ආදරේ මේ හැටි...
ගැඹුරුයිද ආදරේ මේ හැටි...

හුරුපුරුදු ජීවිතේ තව ඉගිලෙන්න හිතේනවානම්
හෙවනැල්ලවී දිවියේ තුරුලේ රැදී...
කුළුදුල්ම හීනයක් ඒ...මහමෙර වගේ උසනම්.
තවදන්නෙ නෑ නුබත් මගෙ ආදරේ තරම්

පෙරදාක සුසුමක් හිත රැදී
සෙනෙහසින් පිදුවා මිහිරැති....
සංසාර ගමනේ දුරඇතී....
ගැඹුරුයිද ආදරේ මේ හැටි...
ගැඹුරුයිද ආදරේ මේ හැටි...

තනිකඩ හිතේ නැවතිලා පෙම් අරඹුමේ වැහිඅරන්
නොමැකෙන්න සේ සෙනෙහේ සිතුවම් ඇදී....
දුර යනෙන ජීවිතේ දිගු හිමිකම නුබේ ලගනම්
හිත පිරුනු ආදරේ උහුලන්න බැරි තරම්........

පෙරදාක සුසුමක් හිත රැදී
සෙනෙහසින් පිදුවා මිහිරැති....
සංසාර ගමනේ දුරඇතී....
ගැඹුරුයිද ආදරේ මේ හැටි...
ගැඹුරුයිද ආදරේ මේ හැටි...

ගායනය : තීක්ෂණ අනුරාධ

එක කුඩයක් යට ගෑවි නොගෑවී
දවසක් හැන්දෑවේ....
මතකද ඔබ මා පියවර මැන්නා
පිණිමල් වරුසාවේ....
එක කුඩයක් යට ගෑවි නොගෑවී
දවසක් හැන්දෑවේ....
මතකද ඔබ මා පියවර මැන්නා
පිණිමල් වරුසාවේ....

කිසිවකු සමගින් එකට තුරුලු වී
ඉර බැස යන වේලේ...
ඔබ යනු දුටු විට මතකය රිදවයි
අපෙ ඉස්සර කාලේ...
අපෙ ඉස්සර කාලේ...

එක කුඩයක් යට ගෑවි නොගෑවී
දවසක් හැන්දෑවේ....
මතකද ඔබ මා පියවර මැන්නා
පිණිමල් වරුසාවේ....

මද අව් රස්නෙට වුව සෙවනක් ඇත
ඔබ හට අද දවසේ....
වැස්සට අව්වට තනිව මුහුණ දෙමි
මගේ මහිම එලෙසේ.....
මගේ මහිම එලෙසේ.....

එක කුඩයක් යට ගෑවි නොගෑවී
දවසක් හැන්දෑවේ....
මතකද ඔබ මා පියවර මැන්නා
පිණිමල් වරුසාවේ....

ගායනය : වික්ටර් රත්නායක


මගේ ජීවිතේ පුරා...
එකම සිතින් ප්‍රාර්ථනා....
මගේ ජීවිතේ පුරා
එකම සිතින් ප්‍රාර්ථනා
කෙලෙස හෝ වේදනාවෝ..
සඟවා තබා ගමි....
සඟවා තබා ගමි....

සඳ සෙවනේ අපි තරු ගැනලා
ඒ තරමට පැතුමන් පුරලා
සඳ සෙවනේ අපි තරු ගැනලා
ඒ තරමට පැතුමන් පුරලා
කවදාවත් නෑ තරහ වෙලා
අද නෑ....., අද නෑ තාරකාවී
අඳුරෙන් වැසී ගියේ...
අඳුරෙන් වැසී ගියේ...

මගේ ජීවිතේ පුරා
එකම සිතින් ප්‍රාර්ථනා
කෙලෙස හෝ වේදනාවෝ..
සඟවා තබා ගමි....
සඟවා තබා ගමි....

සුදු වැලි යට අද සැතපීලා
ඝන අඳුරින් ලෝකය වැසිලා
සුදු වැලි යට අද සැතපීලා
ඝන අඳුරින් ලෝකය වැසිලා
ඉවසා ගන්නේ කෙලෙසද මා
යළි නෑ......., යළි නෑ ආයෙ එන්නේ
වෙනදා වගේ සදා
වෙනදා වගේ සදා

මගේ ජීවිතේ පුරා
එකම සිතින් ප්‍රාර්ථනා
කෙලෙස හෝ වේදනාවෝ..
සඟවා තබා ගමි....
සඟවා තබා ගමි....///

ගායනය : සේනානායක වේරලියද්ද

Blogger Template by Blogcrowds