පුංචි ඇස්දෙක කදුලූ පුරවන්
තවම මග බලනවා ඇතී
එ් උනත් මට එන්න බැරි බව
ඔයා තවමත් දන්නැතී
මැරෙන්නට මොහොතක් තියා හරි
ඔබ සොයාගෙන එන්නෙමී
එ්කටත් ලොකු කාලයක් ඇත
කොහොම හරි හිත රවටමී.......

පේ‍්‍රමයේ උත්තරීතර බව පසක් කරගෙන හොදටම
කාලයේ වැලි තලා යටවී ම්යැදුනත් අපි සදහට
ආදරේ පෙම් කතාවලටත් එකතුවී ඇත අප ගැන
හඩාවැටුනත් හඩන්නට බෑ හිතන්නේ මම ඔබ ගැන....

දහසකුත් බාධක තියාගෙන පේ‍්‍රම කරනා ඔය හිත
දාලා යන්නේ කොහොමදැයි මට ලියා දෙනවද මතකය
සැකය කියනා වචනෙ ගැනවත් හිතෙන්නේ නෑ තව මට
නිදාවැටුනත් නින්ද යන්නෑ හිතන්නේ මම ඔබ ගැන...

මගේ හදවත හැදින ගත් ඔබ
කියූ එවදන් මට එපා
මගේම කියලා දෑතින් අල්ලා
ආදරේ කිවු ඔබ එපා
සසර වසනා තුරුම ඉන්නට
පැතුම් පැතු ඔබ මට එපා
මතු යළිත් ඔබ දෙනෙත් අභියස
වැරදී හෝ හමුවනු එපා

ඔබ රකින්නට සැරසුනේ මං
නා රජෙකු සතු මැණික මෙන්
ඔබේ පසුපස මා නෙතු රැදුනේ
රකින්නයි ඔබ හැම දෙයින්
ඒත් ඔබටම එපාවූවා
යළිත් එන්නෑ ඔබ බලන්න
රහසෙ කුමරෙක් සිටියෙ ඔබගේ
ඔහුව රැකු මැන සෙනෙහසින්
සසර වසනා තුරුම ඉන්නට
පැතුම් පැතු ඔබ මට එපා
මතු යළිත් ඔබ දෙනෙත් අභියස
වැරදී හෝ හමුවනු එපා

සැක කලේ ඔබ සැරකලේ මා
හදාගන්නයි හැම හොදින්
මගේ කියලා මගේම සිතලා
ඔබට බැදි ඒ ආදරෙන්
මටත් හොරා ඔබ තැනූ ලෝකයෙ
සවිමත් අතු දැන් බිදී ගිහින්
ඉතින් ලංවෙනු එපා ඔබ මට
නිමාවන තුරු මේ භවෙන්

මගේ හදවත හැදින ගත් ඔබ
කියූ එවදන් මට එපා
මගේම කියලා දෑතින් අල්ලා
ආදරේ කිවු ඔබ එපා
සසර වසනා තුරුම ඉන්නට
පැතුම් පැතු ඔබ මට එපා
මතු යළිත් ඔබ දෙනෙත් අභියස
වැරදී හෝ හමුවනු එපා..........

ගායනය : කුමාරසිරි පතිරණ

Blogger Template by Blogcrowds