රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ....
සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා
අද මෙන් ලදේ හෙට නෑ හමු වෙන්නේ මා
ගෙන යමි ඔබේ ආදරේ..... ආදරේ.......

නා දළු දෙතොල් හසරැළි මත වෙලී
ආ ගිය ගමන් සිහිව එයි යලි යලී
අසමාන වු ඒ අප ආදරේ......
කිසිදා බිදෙන්නෑ සැකයක් නැනේ...

රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ...
සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා...

අතිනත වෙලා පටලලා රන් හුයෙන්...
ඔබ ගෙන යමි සපුරලා සිතු පැතුම්...
හෙට ඒ දිනේ දී සයුරෙන් එහා...
පිළිගන්නවාදෝ පැමිණි වහා...


රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ....
සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා
අද මෙන් ලදේ හෙට නෑ හමු වෙන්නේ මා
ගෙන යමි ඔබේ ආදරේ..... ආදරේ.......


ගායනය : ප්‍රියා සූරියසේන

0 Comments:

Post a Comment



Blogger Template by Blogcrowds