වෙනදා වගෙ අදත්
මා නො එන බව දැන තවත්
මග බලාගෙන හිටිය ඇති දැන්
එන්න වෙන්නෑ මට අදත්
පාට දේදුනු බැද විමන්
හීන මල් පෙති අතුරමින්
තැනූ යහනේ නිදා ගන්න
ලගින් ඉන්නම් රත්තරං

උණුහුම ඒ මා තමා
සුළගක් වී එනව මා
ඔබෙ තුරුලෙම දැවටිලා
සුපුරුදු සුවදක් වෙලා
සංසාරේ යලි කවදා හෝ
හමුවේවි නම් අපි ආයේ
සපුරා තහනම් නොවේ
ආයෙමත් මට ආදරේ

වෙනදා වගෙ අදත්
මා නො එන බව දැන තවත්
මග බලාගෙන හිටිය ඇති දැන්
එන්න වෙන්නෑ මට අදත්
පාට දේදුනු බැද විමන්
හීන මල් පෙති අතුරමින්
තැනූ යහනේ නිදා ගන්න
ලගින් ඉන්නම් රත්තරං

දකින්න ආසයි වෙනදා මෙන්
හිනා වෙන්න මදකට හොරෙන්
හිතා මතා ගියෙනෑ ඉතින්
තවමත් ඔබ ලග මං සිතින්
සංසාරේ යලි කවදා හෝ
හමුවේවි නම් අපි ආයේ
සපුරා තහනම් නොවේ
ආයෙමත් මට ආදරේ

වෙනදා වගෙ අදත්
මා නො එන බව දැන තවත්
මග බලාගෙන හිටිය ඇති දැන්
එන්න වෙන්නෑ මට අදත්
පාට දේදුනු බැද විමන්
හීන මල් පෙති අතුරමින්
තැනූ යහනේ නිදා ගන්න
ලගින් ඉන්නම් රත්තරං

ගායනය : රවින්ද්‍ර මීගමආරච්චි

0 Comments:

Post a Comment



Blogger Template by Blogcrowds