අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හඳින් නුඹෙ ලෝකය එලියනුනි
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳි
පිය සෙනෙහසට කව් ගී ලිය උනා මදි.....

සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ
කුසයේ නොදැරුවත් දිවි බර මම දැරුවේ
මහමෙරකට උසයි දරු පෙම හද පතුලේ
පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ......

මවකට මුවාවී නුඹ වෙත දිවි දුන්නේ
මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ
පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ
අම්මාවරුන් පමණද මතු බුදුවන්නේ.....

ගායනය : ටී.එම්. ජයරත්න

1 Comment:

  1. soma said...
    wrong idea, this people do not know the different of father and mother

Post a Comment



Blogger Template by Blogcrowds