ඇස් ආදරෙන් පුරෝනා....

ඇස් ආදරෙන් පුරෝනා
හිත පාලුවෙන් ගලෝනා
ඔබ මගෙම වෙන්න ඕනා
මියැදෙන්න දෙන්න උනුහුමේ ඔබේ....
මා හදවතින්ම උමතු වී තියේ...........//

ඔබ සිහිවන හැම මොහොතක් ගානේ
දැකගන්නට ඔබ මා ළඟ නෑනේ
නුදුරේදිම කරගන්නට මාගේ
අවසර දෙන්නට පමණයි ඕනේ
ඉඩ දෙන්නම් පපුතුරේ
නැලවෙනු මැන සොඳුරියේ
මට ඔබම තමයි ඕනා.....

ඇස් ආදරෙන් පුරෝනා...

රැක ගන්නම් ජීවිතයම වාගේ
එකසැරයක් හද ගත්තානම් මාගේ
සැනසෙන්නට හැමදාමත් ආයේ
එනවද හිමිකම ගන්නට මගෙ හීනේ
නොසිඳෙන මහ සාගරේ
තරමට මගේ ආදරේ
මට ඔබම තමයි ඕනා

ඇස් ආදරෙන් පුරෝනා...

ගායනය :  කවීශ කවිරාජ්

0 Comments:

Post a Comment



Blogger Template by Blogcrowds