සමකෝණී ත්‍රිකෝණයකි
ඔබත් මාත් ඇයත් තිදෙන
ඔබ එක මුල්ලක සිටියා
ඇය තව මුල්ලක සිටියා ......
ඔබ එක මුල්ලක සිටියා
ඇය තව මුල්ලක සිටියා
නෙත් සතරක පහස ලබා
මම මේ මුල්ලේ සිටියා.....
ඔබ මගෙ ආදරය පතයි
ඇය මගෙ ආදරය පතයි...
ඔබ මගෙ ආදරය පතයි
ඇය මගෙ ආදරය පතයි....
දෙන්නාටම මාත් හිතයි
ත්‍රිකෝණයේ පාද සමයි ......
දෙන්නාටම මාත් හිතයි
ත්‍රිකෝණයේ පාද සමයි ......
සමකෝණී ත්‍රිකෝණයකි
ඔබත් මාත් ඇයත් තිදෙන
සමකෝණී ත්‍රිකෝණයකි
ඔබත් මාත් ඇයත් තිදෙන....
සමඡ්ඡේදනය කරලා
දෙන්නට බැහැ පෙම බෙදලා
සමඡ්ඡේදනය කරලා....
දෙන්නට බැහැ පෙම බෙදලා....
අපි තුන් මුල්ලටම වෙලා
ඉමු මුහුණට මුහුණ බලා ......
අපි තුන් මුල්ලටම වෙලා
ඉමු මුහුණට මුහුණ බලා ......
සමකෝණී ත්‍රිකෝණයකි
ඔබත් මාත් ඇයත් තිදෙන
ඔබ එක මුල්ලක සිටියා
ඇය තව මුල්ලක සිටියා ......
ඔබ එක මුල්ලක සිටියා
ඇය තව මුල්ලක සිටියා
නෙත් සතරක පහස ලබා
මම මේ මුල්ලේ සිටියා.....
සමකෝණී ත්‍රිකෝණයකි
ඔබත් මාත් ඇයත් තිදෙන
සමකෝණී ත්‍රිකෝණයකි
ඔබත් මාත් ඇයත් තිදෙන ........
ගායනය :දයාරත්න රණතුංග
Labels: දයාරත්න රණතුංග
ඇහෙනවනම් හිත හඩන තරම්
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ
පෙරදින රජ මැදුරක උන්නේ
අද මා මහමග සැතපෙන්නේ...
ඇහෙනවනම් හිත හඩන තරම්
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ......
පතන පැතුම් සුළගට මුසුවේ
මියුරු වදන් කදුලේ ගොළුවේ...//
සතුට උපන් හැම දින වැළලේ
කුමන නැටුම්දෝ දිවි මඩලේ...
ඇහෙනවනම් හිත හඩන තරම්
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ....
අපගෙ අහිංසක ලොව බිදිලා
ඔබද අනන්තෙක ඇත රැදිලා....//
ගිණි දළු මා ගත වෙළෙනු දැනේ
ඔබ මල් යහනක හිදිනු මැනේ....
ඇහෙනවනම් හිත හඩන තරම්
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ...
පෙරදින රජ මැදුරක උන්නේ
අද මා මහමග සැතපෙන්නේ...//
Labels: එච්.ආර්. ජෝතිපාල
ආපසු යන්නට පාර කියනවද
දැන් සමු ගන්න ලගයි...
ආයෙත් දවසක අපි හමුවන්නට
කල පින් මදිද හිතෙයි........//
යොදුන් ගනන් දුර ආවේද පසු කර
මල් මාවතක නොවේ
ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන සෙනෙහෙ පිරූවේ
ආපසු යන්නට පාර කියනවද
දැන් සමු ගන්න ලගයි...
ආයෙත් දවසක අපි හමුවන්නට
කල පින් මදිද හිතෙයි........//
කල්ප කාලයක් පෙරුම් පිරූවේ
හෙට සමු ගන්න නොවේ
ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන සෙනෙහෙ පිරූවේ
ආපසු යන්නට පාර කියනවද
දැන් සමු ගන්න ලගයි...
ආයෙත් දවසක අපි හමුවන්නට
කල පින් මදිද හිතෙයි........//
ගායනය : චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
Labels: චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි..
මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි..
වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිඳෙනවා..
නුග ගස් පෙළ අප නැතුවත් තව දළුලනවා..
සරසවි බිම කඳුරැල්ලෙන් එතර පෙනෙනවා..
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා..
ඔබ අතගෙන ගිය වීදියෙ ඈ හා යනවා..
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා..
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා..
ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා..
මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි..
මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි..
Labels: මර්වින් පෙරේරා
හිරුමැකි යයි නීල අහසෙ
සෙද මීදුමි මායීමෙ
නිමා වී යයි මෙ වසන්තෙ
යලිත් නේම එයි කිසි දිනෙ
ගිනි කදු පුපුරා ලේ දිය ගලනා තරමි
රිදුමි දෙයි ආදරෙ.
නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා...//
තුෂර පින්නෙ පැතුමි කේවිල්ලෙ
ඔබෙ සෙනෙහෙ මහු හදෙ රැදුනෙ..//
එදා මතකය සිතෙහි අහුරා....එදා මතකය සිතෙහි අහුරා....
කාටවත් නේපෙනී අදුරෙ
නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා...//
දිනහා කදුලෙ දෙනෙත් දේවමින්
දුටුව සිහිනෙ නෙත් වැසුණු අදුරෙ.//
ඈත මීදුමි අතර සගවා...ඈත මීදුමි අතර සගවා...
යන්න ප්‍රිය ලදුනෙ
හද සුසුමි පවනෙ
රැගෙන මා සුභ පැතුමි හද තුටින් යනු මැනෙ...//
හිරුමැකි යයි....
රැගෙන මා සුභ පැතුමි හද තුටින් යනු මැනෙ...//
Labels: අමිල පෙරේරා
මෙ නේනීමෙන දිවි ගමනෙ
නිවනෙ මග පෙනෙන තුරා
අමිමෙ ඔබ පුතෙකු වෙලා
මම ඒන්නමි සසර පුරා
මෙ නේනීමෙන දිවි ගමනෙ
නිවනෙ මග පෙනෙන තුරා
පියතුම නැති දා ඉදලා
ගියෙ නෑ මා තනිකරලා
කුසගිනි මට නේම දිලා
දුක වෙදනාව නිවලා
අමිමෙ ඔබ බුදු වෙවා
මවි ගුණ ගී ගයනෙ නමි මා
මෙ නේනීමෙන...
පැටලි නේම මායාවෙන්
ගලවා මා අවමානෙන්
නුවණැස මගෙ පහදාලා
දියුණුවෙ මග පෙන්නාලා
ලැබුවෙ ආශිර්වාදෙ
දිවි මාවන ඒළිය උනෙ
මෙ නේනීමෙන...
Labels: එච්.ආර්. ජෝතිපාල
දෙවනි බුදුන් ලෙස ලේවම උවමි කල
ලේවක පිදුමි ලද ලේවක උතුමි ලද
අමිමා...අමිමා...අමිමා
දෙසවන් සනසා මා නැළවු ඔබ
මියුරු මියැසියෙ අරුත කියා දුනි
ඒ මියසිය අද මා ගයනා විට
මා සිප ගන්නට ඔබ මා ලග නැත
අමිමා...අමිමා...අමිමා
ඇසට හඩන්නට කදුළැලි දුන් ඔබ
ළතැවුල් දරනා දිරිය ලබා දුනි
ඒදිරියෙන් ලේව ජය ලබනා විට
මා සිප ගන්නට ඔබ මා ලග නැත
අමිමා...අමිමා...අමිමා
Labels: සුනිල් එදිරිසිංහ
සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මා ගේ ළඟින්
හද පිරුණු වේදනා පිසදා සිනා සලා
මට දෙන්න ආදරේ ඔබගේ හදින්
පියැවී ලොවේ කිසිදා එක්වන්නෙ නෑ
එනමුත් මගේ හදින් වෙන්වන්නෙ නෑ
දෙතැන තනිවි සදා
හෙලන සුසුමන් නිවා
ඔබ ඉන්න මාගේ ළඟින්
තිබුනත් හදේ පැතුමන් ඉටුවන්නෙ දෝ
ඔබ ගැන පැතු සිතින් වැල පෙන්න දෝ
කඳුලු හසරැල් මවා
මසිත ලතැවුල් නිවා
ඔබ ඉන්න මාගේ ළඟි
Labels: ප්‍රින්ස් උදය ප්‍රියන්ත
සුදු සේල දවටා මුතු මාල පලදා
සරණේ බැදැලා පිංබර මනමාලියේ
සුභ සිහින ඉටුවී පෙම් කිරුළ දිනුවේ
පිළිගන්න මාගේ සුභ ප්‍රාර්ථනා..
පෙරදාක මාගේ හද මන්දිරේ
සිටියා ඔබේ පෙම්වතා
දෛවේ සිනාසිලා හඩවාලා මා
උදුරා දමා වෙන්කළා..
සුදු සේල දවටා මුතු මාල පලදා
සරණේ බැදැලා පිංබර මනමාලියේ
සුභ සිහින ඉටුවී පෙම් කිරුළ දිනුවේ
පිළිගන්න මාගේ සුභ ප්‍රාර්ථනා..//
දෑසේ මගේ මේ කදුලැල් මකා
දෙතොලේ සිනා කැන්දලා
ගයමි මෙසේ ගීත ජය මංගලම්
ජය මංගලම් සෑමදා..
සුදු සේල දවටා මුතු මාල පලදා
සරණේ බැදැලා පිංබර මනමාලියේ
සුභ සිහින ඉටුවී පෙම් කිරුළ දිනුවේ
පිළිගන්න මාගේ සුභ ප්‍රාර්ථනා..//
Labels: චන්ද්‍රලේකා පෙරේරා
පුංචි ඇස්දෙක කදුලූ පුරවන්
තවම මග බලනවා ඇතී
එ් උනත් මට එන්න බැරි බව
ඔයා තවමත් දන්නැතී
මැරෙන්නට මොහොතක් තියා හරි
ඔබ සොයාගෙන එන්නෙමී
එ්කටත් ලොකු කාලයක් ඇත
කොහොම හරි හිත රවටමී.......
පේ‍්‍රමයේ උත්තරීතර බව පසක් කරගෙන හොදටම
කාලයේ වැලි තලා යටවී ම්යැදුනත් අපි සදහට
ආදරේ පෙම් කතාවලටත් එකතුවී ඇත අප ගැන
හඩාවැටුනත් හඩන්නට බෑ හිතන්නේ මම ඔබ ගැන....
දහසකුත් බාධක තියාගෙන පේ‍්‍රම කරනා ඔය හිත
දාලා යන්නේ කොහොමදැයි මට ලියා දෙනවද මතකය
සැකය කියනා වචනෙ ගැනවත් හිතෙන්නේ නෑ තව මට
නිදාවැටුනත් නින්ද යන්නෑ හිතන්නේ මම ඔබ ගැන...
Labels: රොෂාන් ප්‍රනාන්දු