Showing posts with label කසුන් කල්හාර. Show all posts
Showing posts with label කසුන් කල්හාර. Show all posts

සැඳෑ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනෙන්
ඈත් වූ සඳ මගෙ සරා සඳ
තනි වෙලා මා තනි වෙලා.....
සැඳෑ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනෙන්
ඈත් වූ සඳ මගෙ සරා සඳ
තනි වෙලා මා තනි වෙලා.....

වළාකුලකුදු නොමැති අහසේ
මලානික වූ මගෙ සිතුවිලි
ගල් ගැසී ඇත පාළු වී ඇත
කදුළ පමණක් රජ වෙලා........

සැඳෑ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනෙන්
ඈත් වූ සඳ මගෙ සරා සඳ
තනි වෙලා මා තනි වෙලා.....

ඔබේ පැල්පත මගේ පැල්පත
අතර ඇත්තේ රැයක් පමණයි
ගව් ගනන් දුර ජීවිතේ බර
මගේ හිස මත රජ වෙලා.........

සැඳෑ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනෙන්
ඈත් වූ සඳ මගෙ සරා සඳ
තනි වෙලා මා තනි වෙලා.....
සැඳෑ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනෙන්
ඈත් වූ සඳ මගෙ සරා සඳ
තනි වෙලා මා....... තනි වෙලා.....

ගායනය : කසුන් කල්හාර

Blogger Template by Blogcrowds