Showing posts with label නලීන් විජයසිංහ. Show all posts
Showing posts with label නලීන් විජයසිංහ. Show all posts

පිණි වැටුන තරු යාය
මා ගාව සිටියාය
නුඹ තාම සිහිනේ රැදේ...
නිල් දෑස ලග ඉන්න අවසරද මට තවම
නිල් දෑස ලග ඉන්න අවසරද මට තවම
තරු යාය සේ නිල් ගැබේ..
තරු යාය සේ නිල් ගැබේ...

පෙරදාක ලග උන්නු සදවතක රුව ඇන්දු
නුඹගේ සෙනෙහේ මගේ....
තව ලන්ව ලග ඉන්න
මහදේම  සැතපෙන්න
සද සාවි සේ තරු ගැබේ..
සද සාවි සේ තරු ගැබේ...

දුර ඈත ගෙනියන්න
මගෙ ලොවට පිවිසෙන්න
නුඹගේ සෙනෙහේ මගේ...
තව ලන්ව දුර යන්න
සිත ගාව නවතින්න
තරු කොමලි සේ නිල් ගැබේ..
තරු කොමලි සේ නිල් ගැබේ...

පිණි වැටුන තරු යාය
මා ගාව සිටියාය
නුඹ තාම සිහිනේ රැදේ...
නිල් දෑස ලග ඉන්න අවසරද මට තවම
නිල් දෑස ලග ඉන්න අවසරද මට තවම
තරු යාය සේ නිල් ගැබේ..
තරු යාය සේ නිල් ගැබේ...

ගායනය : නලීන් විජයසිංහ

Blogger Template by Blogcrowds