Showing posts with label කීර්ති පැස්කුවල්. Show all posts
Showing posts with label කීර්ති පැස්කුවල්. Show all posts
ඔබ මා හමු වූ අවසන් දිනේ
තාම මා සිතේ රැඳී තියේ
කඳුළින් බොඳවූ දෙනුවන් ඔබේ
ආදරේක වේදනා දැනේ
කොතරම් දවසක් මා ඉන්නදො
මේ වගේ දුකක් සිතේ දරා
සුළඟේ සැඟවී මා යන්නදො
මාගේ ප්‍රියා වී සොයා...
මේ විසල් පුරේ ඉන්න රූ ළඳුන් සොයා
මා ළඟින් රැඳී උන්න යාලුවන් ගියා
මට හොරා වගේ මගේ සිත කොහේ ගියා
මාව හැරදමා මසිත ඔබ සොයා ගියා
අඩ අඳුරේ සිත වැළපේ
සිහිවී ඔබේ ආදරේ...
වැලුකා තලේ සිත දිය බිඳක් වගේ
ඈත සිතිජයේ ඔබේ රූ මැවී පෙනේ
මාසිතේ පුරා සුමුදු සිසිලසක් දැනේ
ඔබ සොයා දුවන් එන්න මට නැතේ පිනේ
අඩ අඳුරේ සිත වැළපේ
සිහිවී ඔබේ ආදරේ..
ගායනය: කීර්ති පැස්කුවල්
Labels: කීර්ති පැස්කුවල්
Subscribe to:
Posts (Atom)