මේ ගී.... කාටදැයි
මේ ගී.... කාටදැයි
ඔබ දන්නවා ඇති.. සිත මගේ පිදු හැටී
සිහිවේ... නොනැවතී...

මේ ගී.... කාටදැයි
මේ ගී.... කාටදැයි
ඔබ දන්නවා ඇති.. සිත මගේ පිදු හැටී
සිහිවේ... නොනැවතී...
මේ ගී.....

සිතු පැතු අන්දම රෑ.. දිවා
අමුතුම ලොවක් මවා
මට මා අමතක වූවා.. සිහිය පැන දිවා..
බලාපොරොත්තුවෙ කඩතිර ඉරා
පාළුව විද දරා...
ඉවසමි දිවි තුරා....

මේ ගී.... කාටදැයි
මේ ගී.... කාටදැයි
ඔබ දන්නවා ඇති.. සිත මගේ පිදු හැටී
සිහිවේ... නොනැවතී...
මේ ගී....

එකම හිනාවට ගී දහක්
බිහි වේ මාගේ මුවින්...
ඇති උනි නම් අවබෝදේ..
අද මේ විලස නොවේ...
කොතැනක හිටියද මෙම ලෝ තලයේ
රකිමි හැම කලේ...
සිහි වේ හැම වෙලේ...

මේ ගී.... කාටදැයි
මේ ගී.... කාටදැයි
ඔබ දන්නවා ඇති.. සිත මගේ පිදු හැටී
සිහිවේ... නොනැවතී...

මේ ගී....

ගායනය :  එච්.ආර්. ජෝතිපාල

රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ....
සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා
අද මෙන් ලදේ හෙට නෑ හමු වෙන්නේ මා
ගෙන යමි ඔබේ ආදරේ..... ආදරේ.......

නා දළු දෙතොල් හසරැළි මත වෙලී
ආ ගිය ගමන් සිහිව එයි යලි යලී
අසමාන වු ඒ අප ආදරේ......
කිසිදා බිදෙන්නෑ සැකයක් නැනේ...

රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ...
සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා...

අතිනත වෙලා පටලලා රන් හුයෙන්...
ඔබ ගෙන යමි සපුරලා සිතු පැතුම්...
හෙට ඒ දිනේ දී සයුරෙන් එහා...
පිළිගන්නවාදෝ පැමිණි වහා...


රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ....
සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා
අද මෙන් ලදේ හෙට නෑ හමු වෙන්නේ මා
ගෙන යමි ඔබේ ආදරේ..... ආදරේ.......


ගායනය : ප්‍රියා සූරියසේන

ඇස් ආදරෙන් පුරෝනා
හිත පාලුවෙන් ගලෝනා
ඔබ මගෙම වෙන්න ඕනා
මියැදෙන්න දෙන්න උනුහුමේ ඔබේ....
මා හදවතින්ම උමතු වී තියේ...........//

ඔබ සිහිවන හැම මොහොතක් ගානේ
දැකගන්නට ඔබ මා ළඟ නෑනේ
නුදුරේදිම කරගන්නට මාගේ
අවසර දෙන්නට පමණයි ඕනේ
ඉඩ දෙන්නම් පපුතුරේ
නැලවෙනු මැන සොඳුරියේ
මට ඔබම තමයි ඕනා.....

ඇස් ආදරෙන් පුරෝනා...

රැක ගන්නම් ජීවිතයම වාගේ
එකසැරයක් හද ගත්තානම් මාගේ
සැනසෙන්නට හැමදාමත් ආයේ
එනවද හිමිකම ගන්නට මගෙ හීනේ
නොසිඳෙන මහ සාගරේ
තරමට මගේ ආදරේ
මට ඔබම තමයි ඕනා

ඇස් ආදරෙන් පුරෝනා...

ගායනය :  කවීශ කවිරාජ්

සොදුරු අතීතයේ නිමල පැතුම වී
මගේ හද තුල ඔබ ඉන්න ඇතී...
ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි
ආදරයෙන් හමු වෙන්න ඇතී.......//

කදුලු සුසුම් මැද සතුටු සිනා මැද
භවය පුරා ලග ඉන්න ඈතී...
එදත් මගේ සිත අද මෙන් කැපවී
ඔබේ නමට පුද දෙන්න ඈතී.....


සොදුරු අතීතයේ නිමල පැතුම වී
මගේ හද තුල ඔබ ඉන්න ඇතී...
ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි
ආදරයෙන් හමු වෙන්න ඇතී.....


නොසෑලී නොතෑවී බාධක හමුවේ
ආ හින්දා ජය ගන්න ඇතී....
ආත්ම ගනනේ පුරුදු ලෙසින් අපි
මේ අයුරින් හමු වෙන්න ඇතී.....

සොදුරු අතීතයේ නිමල පැතුම වී... ///

ගායනය : ටී.එම්. ජයරත්න

අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හඳින් නුඹෙ ලෝකය එලියනුනි
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳි
පිය සෙනෙහසට කව් ගී ලිය උනා මදි.....

සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ
කුසයේ නොදැරුවත් දිවි බර මම දැරුවේ
මහමෙරකට උසයි දරු පෙම හද පතුලේ
පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ......

මවකට මුවාවී නුඹ වෙත දිවි දුන්නේ
මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ
පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ
අම්මාවරුන් පමණද මතු බුදුවන්නේ.....

ගායනය : ටී.එම්. ජයරත්න

ඔයා නිසා හඬලා...
මගේ ඇසුත් රිදුනා...
තරහා වෙලා හැර ගියදා
පාලුවේ උන්නේ...
වේදනා දැනුනේ..........//

සිහි කරලා ඔබ ගැන මා හඬලා...
තව මට නෑ සැනසිල්ලක් ලැබිලා...
පෙම බිඳලා ඔබ ගියදා ඉඳලා...
තනිවීලා ඉන්නේ සැමදා...
ඉන්නේ සැමදා.........

ඔයා නිසා හඬලා...
මගේ ඇසුත් රිදුනා...
තරහා වෙලා හැර ගියදා
පාලුවේ උන්නේ...
වේදනා දැනුනේ...........

සෙනෙහස මා මඳ සුළඟක් කරලා...
පා කෙරුවා එන ලෙස ඔබ සොයලා...
සුසුමක් වී ඒ සුළඟේ එතිලා...
එනු මැනවි මා හා බැඳිලා...

ඔයා නිසා හඬලා...
මගේ ඇසුත් රිදුනා...
තරහා වෙලා හැර ගියදා
පාලුවේ උන්නේ...
වේදනා දැනුනේ...........

ගායනය : රොෂාන් ප්‍රනාන්දු

දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම්
මම උන්නේ ඔබෙ වෙන්න අත් දෙක අරන්
එනමුත් අපේ කරුමේ එක්කලා තවත්
සැනසෙන්න බෑ එතුල ඇත්තෙම දුකක්
දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම්.........

හැර යන්න ආදරයේ නිර්මල පැතුම්
පාරන්න හිතුවාද ඇතිකර ගැටුම්......//
වැළපෙන්න බැරි හිතට මේ හැටි රිදුම්
පෑහෙන්නේ නෑ වැරදිකාරියේ ඉතින්....
දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම්.......

ගනඳුරට පෙම් බඳින තරු යායට
මල් යාය විකසිත වෙලා කුමකට....//
මං ආයේ හිනැහෙන්න උර මඬලට
ළංවෙන්නේ නෑ කඳුළු පූජා කර....

දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම්
මම උන්නේ ඔබෙ වෙන්න අත් දෙක අරන්
එනමුත් අපේ කරුමේ එක්කලා තවත්
සැනසෙන්න බෑ එතුල ඇත්තෙම දුකක්
දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම්.......

ගායනය : රොෂාන් ප්‍රනාන්දු


හදවත ඉල්ලා නොලෑබුන විටදි
දහසක් සිතුවිලි මා හද තුල තෙරපි...
මිතුරිය ඔබ කෙලසක හො අමතක කරමි
නොපිරෙන පෙරුමන් පුරලා කුමටද ලතෑවි...

ඔය නෙතු අග රෑදි තිබු
නිල්මිනි ජායා.....
දෑක මා හදවත සසෑලි
සෙනෙහස කිවා......

හදවත ඉල්ලා නොලෑබුන විටදි
දහසක් සිතුවිලි මා හද තුල තෙරපි...
මිතුරිය ඔබ කෙලසක හො අමතක කරමි
නොපිරෙන පෙරුමන් පුරලා කුමටද ලතෑවි...

මතු අප උපදින භවයේ
යලි හමුවේවා......
ඔය නෙතු අග සිසිල
දැනී
මට ලං වේවා......

හදවත ඉල්ලා නොලෑබුන විටදි
දහසක් සිතුවිලි මා හද තුල තෙරපි.....
මිතුරිය ඔබ කෙලසක හො අමතක කරමි
නොපිරෙන පෙරුමන් පුරලා කුමටද ලතෑවි....

ගායනය : ප්‍රියා සූරියසේන

මිණි කිංකිණි හඬ පරදා මේ ගැල් ගමනේ
කළුවර කතරේ කඳූ වැටි මානේ
දුක් ගී රාවෙ සවනත පෑරේ සුදු මැණිකේ
මිණි කිංකිණි හඬ පරදා මේ ගැල් ගමනේ


පාළුවේ පාවී හපුතල් කන්දේ
පුරහඳ නැගුනේ මේ දිගු ගමනේ
තව දුර වැඩිවේ ගව්වෙන් ගව්වේ
ඔබ නැති ගම්මානේ මේ දුර නෑඟේ


මිණි කිංකිණි හඬ පරදා මේ ගැල් ගමනේ
කළුවර කතරේ කඳූ වැටි මානේ
දුක් ගී රාවෙ සවනත පෑරේ සුදු මැණිකේ
මිණි කිංකිණි හඬ පරදා මේ ගැල් ගමනේ


සීපදේ රාවේ සියොළඟ සසැලේ
ඔබෙ සිත සැඟවේ දාහය උතුරා
උණුසුම ඔබගේ සිරුරේ දැවටේ
නෑ හිරු පායන්නේ නෑ මට ආයේ


ගායනය : විජය කුමරතුංග


නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී
නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරී
නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ
නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ

නොදැක ඉන්න බෑ මටනම් මගේ ආදරී.....

පැහැදුල් කතා මතකේ වෙලා
දෙනුවන් තෙමා පියමන් කලා
පෙර පෑ සිනා පාවී ගියා මා හැරදමා
සිහිවේනවා ඔබ කී කතා මුළු රෑ පුරා
මතකේ දරා හිඳිමී සදා...
මතකේ දරා හිඳිමී සදා...

මිහිදුම් වලා සළුවෙන් වෙලා
පැතුමන් දරා රකිමී සදා
පෙර පෑ සිනා පූජාකලා අදුරේ තියා
සගවා දොවා මේ වේදනා යලි එනතුරා
දිවියේ පුරා හිඳිමී බලා...
දිවියේ පුරා හිඳිමී බලා...

නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී....



ගායනය : රුවන් හෙට්ටිඅරච්චි

Blogger Template by Blogcrowds