හිත අනන්තයට දුර රැගෙන ගිහින්
නෙතු පියන් පුරා නුඹ රුවම ඇවිත්
මුදු සිහිල් පවන් නුඹේ සුවඳ ගෙනැත්
නුඹ මටත් හොරෙන් මගෙ හිතම අරන්

සේපාලිකා...සේපාලිකා...සේපාලිකා.....

සඳ මණ්ඩලේ සඳ කැන් මැදින්
නුඹ හැංගුනා මතකයි සැරයක්
මුතු වැල් වගේ දිය රැල් දිගේ
නුඹ දුර ගියා තව එක දවසක්

සේපාලිකා...සේපාලිකා...සේපාලිකා.....

නිල් අම්බරේ හැඩ හංගමින්
නුඹ හිනැහුනා මතකයි තවමත්
හද මන්දිරේ දොරගුල් හරිමින්
මම පෙම් කලේ නුඹටයි කවදත්

සේපාලිකා...සේපාලිකා...සේපාලිකා.....

ගායනය : තීක්ෂණ අනුරාධ

0 Comments:

Post a Comment



Blogger Template by Blogcrowds