ලඟ පාතක නුඹ සිටියා නම්
රැව්වත් බැන්නත් නොදොඩා උන්නත්
අකුරක් නෑරම කියන්න තිබුනා ආදරෙන්
ලඟ පාතක නුඹ සිටියා නම්

විඳින කලට දුක සිරියහනේ
නිදන සිතට නුඹමයි පෙනුනේ
හීන පෙලක මහ නපුරක් කියලා
වසන්තයයි අවරට හැරුනේ
වැරදි කියනවා නොවේ... කුමාරයෝ
වසන්තයයි අවරට හැරුනේ

ලඟ පාතක නුඹ සිටියා නම්
රැව්වත් බැන්නත් නොදොඩා උන්නත්
අකුරක් නෑරම කියන්න තිබුනා ආදරෙන්
ලඟ පාතක නුඹ සිටියා නම්

නුඹම දකිනු රිසි ඇස ඇහැරී
හෙලූ කඳුළු පිනි බිඳු විසිරී
සොඳුරු උයන හද මුවරද සලනා
නුඹේ සෙනේමයි මට මිහිරී
විහිළු කරනවා නොවේ... කුමාරයෝ
නුඹේ සෙනේමයි මට මිහිරී

ලඟ පාතක නුඹ සිටියා නම්
රැව්වත් බැන්නත් නොදොඩා උන්නත්
අකුරක් නෑරම කියන්න තිබුනා ආදරෙන්
ලඟ පාතක නුඹ සිටියා නම්

ගායනය :  ශශිකා නිසංසලා

0 Comments:

Post a Comment



Blogger Template by Blogcrowds