දසමසක් මා කුසතුල උන් පුතුනේ
දැන් ඉතින් අප වෙන්ව යා යුතුවේ
වීසි කරමි වන ලැහැබට
දෑස පියාගෙන නයි පොලගුන්ගෙන් මවක ලබාවා
වග වලසුන්ගෙන් පියකු ලබාවා

දැඩිවී වග වලසුන් අතරේ
වලසකු වී  අවුදින්  පුතුනේ....
වීසිකරන්නට දරුවන් තනනා
ලොකය කා වනසන් පුතුනේ...

සැතපී නයි පොලගුන් දරණේ
පොලගෙකුවී අවුදින් පුතුනේ...
අහක දමන්නට දරුවන් හදනා
ලෝකය කා වනසන් පුතුනේ....

දසමසක් මා කුසතුල උන් පුතුනේ
දැන් ඉතින් අප වෙන්ව යා යුතුවේ
වීසි කරමි වන ලැහැබට
දෑස පියාගෙන නයි පොලගුන්ගෙන් මවක ලබාවා
වග වලසුන්ගෙන් පියකු ලබාවා

ගායනය : නන්දා මාලනී

0 Comments:

Post a Comment



Blogger Template by Blogcrowds