සඳකඩ පහනක.....

සඳකඩ පහනක කැටයම් ඔපලා
පාවෙන දේදුණු ලැගුම් ගනී
කැලැතුනු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියැවී
යුගයෙන් යුගයට නොමියෙන දහනක
දිවියක පදනම මතු වෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකුළක් මැළවෙද්දී
සියුමැලි කැකුළක් මැළවෙද්දී.....

දහසක්පෙතිමත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙනයන බින්දූ
ගවුවක් ඉහලක ගොනු කොට රඳවා
පොපියන දෙතොලක් එහි කැන්දූ
අහසක් ගුගුරා කළුවක් වපුරා
ඒ හා මුහු වුන වැහි බින්දු
ඈ ගෙන යද්දී නටඹුන් අතරෙක
තවෙකෙක් ඈ වෙත හඳ රැන්දූ
තවෙකෙක් ඈ වෙත හඳ රැන්දූ....

සඳකඩ පහනක කැටයම් ඔපලා......

හදවිල ඉපැදුණු කැකුළක් නොකලට
නටුවන් ගලවා දුරක යවා
මිහිලිය තෙත් කොට ගිලිහුණු කඳුළක්
සත් සමුදුරකට මුහුව ගියා
ඔබට උරුම වූ රිදුණු තැවුණු හද
එක්ටැම් මැදුරක කවුළු අරා
රුවන් විමානෙන් පියඹා එනතුරු
පොපියන හදවත සිටී බලා...
පොපියන හදවත සිටී බලා...

ගායනය : සුනිල් එදිරිසිංහ

2 Comments:

  1. Susantha said...
    මේ ගීතයේ තේරුම දන්න කෙනෙක් ඉන්නවා නම් කරණාකර දෙන්න.
    chathura said...
    පෙම්වතුන් යුවලකගේ ආදරේට ගෙදරින් හරස් වෙලා. කෙල්ලව තව කෙනෙක්ට බන්දලා දෙනවා.
    තාමත් කෙල්ලට ආදරෙන් ඉන්න කොල්ල කවද හරි ඒ කෙල්ල තමන් ලඟට එයි කියල බලාගෙන ඉන්න වේදනාබර කතාවක් තමයි මේ සින්දුවේ තියෙන්නේ.
    පදෙන් පදේ පැහැදිලි කරන්න ඕනි නම් කියන්න විස්තර කරන්න කම්මැලිකමට කෙටියෙන් කිව්වේ

Post a Comment



Blogger Template by Blogcrowds