මගෙ හද ඔබ ළඟ ඔබෙ හද මා ළඟ
එනමුදු මගෙ අත වෙනතක බැඳ ඇත
දහසක් බැමි ඇත දහසක් ගිනි ඇත
එනමුදු නිවහල් ලොවකුත් ළඟ ඇත

විල්ලුද පලසින් රන්මිණි කැලුමින්
සැරසුණු සිරගෙය මා වටකර ඇත
පිදුරු සෙවිලි කළ ඔබෙ පැල්පත වෙත
එන්නට මට කිසි අවසරයක් නැත

අතීතයේ රස මියුරු සැඳෑවන්
අද මගෙ හදවත අඬවන සුසුමෙකි
මිහිරියෙ අප හට ඉතිරිව ඇත්තේ
අපේ කල්පනා ලෝකය පමණකි

මේ සිරගෙය මැද දෙනෙත් පියාගෙන
සිරුරෙන් මියගොස් මා සිටිනා විට
ඔබේ සිඟිති මඳ සිනහ උපුල් මල්
මගේ සිහින ලොව දස අත සුපිපෙයි

යදම් පවුරු සහ සීමා අතරෙහි
මිරිකී කුමකට හිත රවටන්නෙද
දෑත දෙපා හා සිතද මුදා හැර
මගේ ලොවට දිව එනු මැන සඳවති

ගායනය :- වික්ටර් රත්නායක

0 Comments:

Post a Comment



Blogger Template by Blogcrowds