සමකෝණී ත්‍රිකෝණයකි

සමකෝණී ත්‍රිකෝණයකි
ඔබත් මාත් ඇයත් තිදෙන
ඔබ එක මුල්ලක සිටියා
ඇය තව මුල්ලක සිටියා ......
ඔබ එක මුල්ලක සිටියා
ඇය තව මුල්ලක සිටියා
නෙත් සතරක පහස ලබා
මම මේ මුල්ලේ සිටියා.....

ඔබ මගෙ ආදරය පතයි
ඇය මගෙ ආදරය පතයි...
ඔබ මගෙ ආදරය පතයි
ඇය මගෙ ආදරය පතයි....
දෙන්නාටම මාත් හිතයි
ත්‍රිකෝණයේ පාද සමයි ......
දෙන්නාටම මාත් හිතයි
ත්‍රිකෝණයේ පාද සමයි ......

සමකෝණී ත්‍රිකෝණයකි
ඔබත් මාත් ඇයත් තිදෙන
සමකෝණී ත්‍රිකෝණයකි
ඔබත් මාත් ඇයත් තිදෙන....

සමඡ්ඡේදනය කරලා
දෙන්නට බැහැ පෙම බෙදලා
සමඡ්ඡේදනය කරලා....
දෙන්නට බැහැ පෙම බෙදලා....
අපි තුන් මුල්ලටම වෙලා
ඉමු මුහුණට මුහුණ බලා ......
අපි තුන් මුල්ලටම වෙලා
ඉමු මුහුණට මුහුණ බලා ......

සමකෝණී ත්‍රිකෝණයකි
ඔබත් මාත් ඇයත් තිදෙන
ඔබ එක මුල්ලක සිටියා
ඇය තව මුල්ලක සිටියා ......
ඔබ එක මුල්ලක සිටියා
ඇය තව මුල්ලක සිටියා
නෙත් සතරක පහස ලබා
මම මේ මුල්ලේ සිටියා.....
සමකෝණී ත්‍රිකෝණයකි
ඔබත් මාත් ඇයත් තිදෙන
සමකෝණී ත්‍රිකෝණයකි
ඔබත් මාත් ඇයත් තිදෙන ........

ගායනය :දයාරත්න රණතුංග

0 Comments:

Post a Comment



Blogger Template by Blogcrowds