ආපසු යන්නට පාර කියනවද
දැන් සමු ගන්න ලගයි...
ආයෙත් දවසක අපි හමුවන්නට
කල පින් මදිද හිතෙයි........//

යොදුන් ගනන් දුර ආවේද පසු කර
මල් මාවතක නොවේ
ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන සෙනෙහෙ පිරූවේ

ආපසු යන්නට පාර කියනවද
දැන් සමු ගන්න ලගයි...
ආයෙත් දවසක අපි හමුවන්නට
කල පින් මදිද හිතෙයි........//

කල්ප කාලයක් පෙරුම් පිරූවේ
හෙට සමු ගන්න නොවේ
ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන සෙනෙහෙ පිරූවේ

ආපසු යන්නට පාර කියනවද
දැන් සමු ගන්න ලගයි...
ආයෙත් දවසක අපි හමුවන්නට
කල පින් මදිද හිතෙයි........//


ගායනය : චන්ද්‍රසේන හෙට්ටිආරච්චි

0 Comments:

Post a Comment



Blogger Template by Blogcrowds