දුරස් වන්නට මේ ලෙසින්

දුරස් වන්නට මේ ලෙසින්
ඇයිද අප හමු වුනේ...
දුරස් වන්නට මේ ලෙසින්
මොටද අප ඉපදුනේ....//

අත් වැල් බැඳගෙන මංමාවත් දිග
ඔහේ ඇවිද ගිය කාලය මතකද......//
පුංචි ළදැරියක් වගේ හුරතලෙන්
ඔබ හිනැහුණු ඒ කාලය මතකද...

දුරස් වන්නට මේ ලෙසින්
ඇයිද අප හමු වුනේ...
දුරස් වන්නට මේ ලෙසින්
මොටද අප ඉපදුනේ....//

අනාගතය ගැන අහස් මාළිගා
අප දෙදෙනා මැවු කාලය මතකද....//
ඔබේ පෙම්වතා ලෙසින් එදා මා
ඔබේ ලගින් උන් කාලය මතකද..

දුරස් වන්නට මේ ලෙසින්
ඇයිද අප හමු වුනේ...
දුරස් වන්නට මේ ලෙසින්
මොටද අප ඉපදුනේ....//

ගායනය : දයාරත්න රනතුංග

0 Comments:

Post a Comment



Blogger Template by Blogcrowds