ලෙන්ගතු හිත තනිකරලා

ලෙන්ගතු හිත තනිකරලා...
තරු නෙතු අද තරහවෙලා....
වැටෙන හුස්මක් ගානේ...
කඳුළු ගනින්නට....
ඔබම තමයි මට ඕනේ.....//

සිහිනපුරා සිත්මානේ....ලැබුණු ඔයා සංසාරේ
පණ කියලා පිදු ආලේ...තරහ වෙලාද අවාරේ
මට තනිවෙනු බෑ ඔබ නෑනේ....
කඳුළු පිසින්නට ඔබම තමයි මට ඕනේ....
ඔබම තමයි මට ඕනේ...

ලෙන්ගතු හිත තනිකරලා...
තරු නෙතු අද තරහවෙලා....
වැටෙන හුස්මක් ගානේ...
කඳුළු ගනින්නට....
ඔබම තමයි මට ඕනේ....

හිත හදලා හැමවාරේ..ඔබ හිටියා ළඟ මාගේ.......
වැරදි කළේ මමමයිනේ...මේ දුක මහමෙර වාගේ....
මට විඳවනු බෑ මේ වාගේ....
කඳුළු පිසින්නට ඔබම තමයි මට ඕනේ....
ඔබම තමයි මට ඕනේ...

ලෙන්ගතු හිත තනිකරලා...
තරු නෙතු අද තරහවෙලා....
වැටෙන හුස්මක් ගානේ...
කඳුළු ගනින්නට....
ඔබම තමයි මට ඕනේ....

ගායනය : නොඑල් රාජ්

0 Comments:

Post a Comment



Blogger Template by Blogcrowds