සුදු සේල දවටා මුතු මාල පලදා
සරණේ බැදැලා පිංබර මනමාලියේ
සුභ සිහින ඉටුවී පෙම් කිරුළ දිනුවේ
පිළිගන්න මාගේ සුභ ප්‍රාර්ථනා..

පෙරදාක මාගේ හද මන්දිරේ
සිටියා ඔබේ පෙම්වතා
දෛවේ සිනාසිලා හඩවාලා මා
උදුරා දමා වෙන්කළා..

සුදු සේල දවටා මුතු මාල පලදා
සරණේ බැදැලා පිංබර මනමාලියේ
සුභ සිහින ඉටුවී පෙම් කිරුළ දිනුවේ
පිළිගන්න මාගේ සුභ ප්‍රාර්ථනා..//

දෑසේ මගේ මේ කදුලැල් මකා
දෙතොලේ සිනා කැන්දලා
ගයමි මෙසේ ගීත ජය මංගලම්
ජය මංගලම් සෑමදා..

සුදු සේල දවටා මුතු මාල පලදා
සරණේ බැදැලා පිංබර මනමාලියේ
සුභ සිහින ඉටුවී පෙම් කිරුළ දිනුවේ
පිළිගන්න මාගේ සුභ ප්‍රාර්ථනා..//

0 Comments:

Post a Comment



Blogger Template by Blogcrowds