දුරස් වන්නට මේ ලෙසින්
ඇයිද අප හමු වුනේ...
දුරස් වන්නට මේ ලෙසින්
මොටද අප ඉපදුනේ....//

අත් වැල් බැඳගෙන මංමාවත් දිග
ඔහේ ඇවිද ගිය කාලය මතකද......//
පුංචි ළදැරියක් වගේ හුරතලෙන්
ඔබ හිනැහුණු ඒ කාලය මතකද...

දුරස් වන්නට මේ ලෙසින්
ඇයිද අප හමු වුනේ...
දුරස් වන්නට මේ ලෙසින්
මොටද අප ඉපදුනේ....//

අනාගතය ගැන අහස් මාළිගා
අප දෙදෙනා මැවු කාලය මතකද....//
ඔබේ පෙම්වතා ලෙසින් එදා මා
ඔබේ ලගින් උන් කාලය මතකද..

දුරස් වන්නට මේ ලෙසින්
ඇයිද අප හමු වුනේ...
දුරස් වන්නට මේ ලෙසින්
මොටද අප ඉපදුනේ....//

ගායනය : දයාරත්න රනතුංග

වරදක් උනාදෝ මාගේ අතින්
නොදොඩාම ඉන්නේ ඇයි මේ ලෙසින්
ඇස්දෙක අරන් යන්න බෑ නුබ ළඟින්
හිනැහෙන්නකෝ ආයෙ මා දෙස බලන් ........

නුඹ ළඟම සැනසෙන්න පෙරුමන් පුරා
රෑ නින්ද නැති හීනයායක් කලා
සිතමාගෙ ඉල්ලන්නෙ ඔය ඇස් නිසා
දිවුරන්නෙ මගෙ සෙනෙහෙ නුඹටයි සදා .......

පියමනින විට රංචු වී මාවතේ
මුණගැහුන නුඹ සමණළි මා ලොවේ
සංකර නොවූ නුඹට මම පෙම් කලේ
එක්කර ගිහින් ඉන්න මගෙ කූඩුවේ ............

ගායනය : තීක්ෂණ අනුරාධ

කඳුළු තමයි මේ හිනැහෙන්නේ
ඔබම තමයි ඒ ගැන දන්නේ
මියැදුනු සිහිනෙක
සිනහ දකින්නට
පාරමිතා පුරනා
ඔබෙ පෙම්වතියයි මා.....//

සීතල අත්ලට බරදීලා
රිදෙන කඳුළු කැට උහුලාලා
අහිංසකම සිනහව මකලා
මගෙන් උදුරගත් දා ඉඳලා
අහිමි පැතුම් මුළු හිත පිරිලා
යළි ඔබ හිනැහේනම්
නොහඬා ඉන්නම් මං

කඳුළු තමයි මේ හිනැහෙන්නේ....

නිදි නැති රැය නුඹ ළඟ වැටිලා
ගැහෙන පපුව උඩ සැතපීලා
නොසැලෙන ඇස් දෙක දිහා බලා
සැනසෙන්නම් අපෙ පෙම හිතලා
සිහින ලොවින් ඇස්දෙක ඇරලා
යළි ඔබ එනවානම්
තව හිනැහෙන්නම් මං

කඳුළු තමයි මේ හිනැහෙන්නේ....//

ගායනය : අනුපමා ගුණසේකර

ආදරෙයි මං ඔය හිතට තාමත්
සිහිනයකවත් ඔයා දැන් නාවත්
වෙන්වෙලා අපි දුරින් ඉමු කීවත්
මතක් වෙන්නේ ඔයාවයි තාමත්
ආදරෙයි මං ඔය හිතට තාමත්
සිහිනයකවත් ඔයා දැන් නාවත්....

ආදරෙන් හීන මට ගෙනත් දුන්න
ඇස් දෙකෙන් කඳුළු දීලා
හිත පුරා රැඳුන ආදරෙත් රැගෙන
ඔබ ගියා නේද වෙන්වෙලා
ඔබ දුන්නු දුක දැනිලා දෑස හඬයි තනිවෙලා...

ආදරෙයි මං ඔය හිතට තාමත්
සිහිනයකවත් ඔයා දැන් නාවත්
වෙන්වෙලා අපි දුරින් ඉමු කීවත්
මතක් වෙන්නේ ඔයාවයි තාමත්
ආදරෙයි මං ඔය හිතට තාමත්
සිහිනයකවත් ඔයා දැන් නාවත්....

වේදනාවෙන්ම මියදුනත් දිනෙක
මතකයෙන් යන්නේ නෑ ඔයා
නෙතු තෙමා ගලන කඳුළු බිංඳු වල
දුක දන්නේ නැත්තේ ඇයි ඔයා
ඔබ ලගින් නෑති හින්දා දෑස හඬයි තනිවෙලා

ආදරෙයි මං ඔය හිතට තාමත්
සිහිනයකවත් ඔයා දැන් නාවත්
වෙන්වෙලා අපි දුරින් ඉමු කීවත්
මතක් වෙන්නේ ඔයාවයි තාමත්
ආදරෙයි මං ඔය හිතට තාමත්
සිහිනයකවත් ඔයා දැන් නාවත්....

ගායනය :අසන්ක ප්‍රියමන්ත පීරිස්

වෙන හිතකට තුරුලු වෙලා
හැර යන්නම ඔබ ගියදා
තනියම හිත ඉකි බින්දා...
අසුනදෝ...
හැම මොහොතෙම සින වෙලා
මා රවටා යන්න ගිය
මේ අදරේ නොදැනීදෝ....
මදිවීදෝ....

තුන් හිතම ගොලු වෙලා
මුලු ලොවම නැති වෙලා
ඔබ සිනසෙනු බලා
සැනසිලා ඉන්නෙ මා
නෙතු පියගන්න බෑ මගේ....
පෙර මතක මැවෙනවා
ඉගිලිල්ල යන්න මා සිතින්
ඔහු අතේ දැවිටිලා

වෙන හිතකට තුරුලු වෙලා
හැර යන්නම ඔබ ගියදා
තනියම හිත ඉකි බින්දා...
අසුනදෝ..
හැම මොහොතෙම සින වෙලා
මා රවටා යන්න ගිය
මේ අදරේ නොදැනීදෝ....
මදිවීදෝ..

හුරුයහනෙ සීතලයි
උණු කදුළු විතරමයි...
අතීතය පෙම් බරයි
වෙන් උනේ ඔබ තමයි..
අත් හැරුනු මතක මාවතේ
හිත තවම සැරි සරයි...
ඔබ ඇවිත් හදපු හීනයේ
දැන් කදුලු විතරමයි..

වෙන හිතකට තුරුලු වෙලා
හැර යන්නම ඔබ ගියදා....

ගායනය : අතුල අධිකාරී

මනමාල සිතක් තිබුනද ලඟින් උන්නු දා
සිතින් පෙම් කලාදෝ ඇයිද නොදැනුනේ
ලඟින් ඉන්න පින් මදිවද හදට ඔය නුඹේ
ඉතින් දෙන්නකො අවසර රැඳෙන්නට හදේ.....

මනමාල සිතක් තිබුනද ලඟින් උන්නු දා
සිතින් පෙම් කලාදෝ ඇයිද නොදැනුනේ..........

නල රැළි මත අඳිමින්
කිව් ආදර කතාව කොහෙදෝ....
ලං වෙන්නට නුඹගේ
සිත ඇතිවද වෙන කෙනෙකුගේ ඇසුරේ
බිඳක් මතක නම් මං ගැන
ඇසුර පෙර ලෙසේ.....
සැමදා ඉන්නම් මා.........

මනමාල සිතක් තිබුනද ලඟින් උන්නු දා
සිතින් පෙම් කලාදෝ ඇයිද නොදැනුනේ..........

නැත කිසි දින වැටුනේ
වෙන ළඳකගේ ආදර දැහැනේ...
සිත තවමත් එහෙමයි
ඔබ ගැන වුන් හැටි ලෙස ඉස්සර දවසේ
වෙන් වෙන්නම් කීවොතින්
ඔබේ ඔය මුවෙන්
හැර යන්නම් මා...........

මනමාල සිතක් තිබුනද ලඟින් උන්නු දා
සිතින් පෙම් කලාදෝ ඇයිද නොදැනුනේ
ලඟින් ඉන්න පින් මදිවද හදට ඔය නුඹේ
ඉතින් දෙන්නකො අවසර රැඳෙන්නට හදේ.....
මනමාල සිතක් තිබුනද ලඟින් උන්නු දා
සිතින් පෙම් කලාදෝ ඇයිද නොදැනුනේ..........

ගායනය : දිනේෂ් තරංග

නිදුකින් ඉනු මැන මට වඩා කල් මගේ පණත් අරගෙන ඔයා
සතුටින් ඉනු මැන මගේ සතුට ගෙන ජීවිතය පවතින පුරා
මම විදින දුක වෙන කෙනෙකු වෙත යලිත් කිසිදා දෙන්නපා
සසරේ කොතැනක මට ලැබුණු දුක ඔබට ලැබෙනු එපා

දිනක ආයෙත් ලංවෙලා
නාවත් මා සොයා
හැමදාමත් පෙම් කළා
මගේ සිත් පුරා.....//

රණ්ඩු කරගෙන යාලු වෙන්නට හිටියේ මට ඔබ විතරමයි
වෙන්ව යන ඔය දෙනෙත දුටුවම දැනෙන තනිකම අපමණයි
ඉස්සර මතකෙන් යන්න හැදුවත් යන්න බැහැ සත්තයි
තිස්සෙම කඳුළැල් දැසේ රැදුනේ ඉන්න බැරි තැනමයි

දිනක ආයෙත් ලංවෙලා
නාවත් මා සොයා
හැමදාමත් පෙම් කළා
මගේ සිත් පුරා .............

ලංව හිටි ඔබ වෙන්ව ගිය විට දැනෙන දුක අහසට සමයි
හංගගෙන තව ඉන්න බැ මට ඔබට ගැති සිත අසරණයි
කොච්චර සතුටින් ඉන්න තිබුනත් ඉන්න බැරි අපටයි
මෙච්චර රිදුමක් අයිති කෙරුවේ රත්තරං ඔබමයි......

නිදුකින් ඉනු මැන මට වඩා කල් මගේ පණත් අරගෙන ඔයා
සතුටින් ඉනු මැන මගේ සතුට ගෙන ජීවිතය පවතින පුරා
මම විදින දුක වෙන කෙනෙකු වෙත යලිත් කිසිදා දෙන්නපා
සසරේ කොතැනක මට ලැබුණු දුක ඔබට ලැබෙනු එපා

දිනක ආයෙත් ලංවෙලා
නාවත් මා සොයා
හැමදාමත් පෙම් කළා
මගේ සිත් පුරා.....//

ගායනය: දිමන්ක වෙල්ලාලගේ

වසර ගණන් ඇසුරේ සිටියත්
හදුනාගම්ද කෙසේ
අපගෙ සිතුම් පෑහෙනු බැරි වී
අහසට පොලොව ලෙසේ.....

සුවදක් නැති මලකින් මා කොහොමද
සුවදක් ලැබ ගන්නේ
සිසිලක් නැති සෙවනක මා කොහොමද
සිසිල ලබා ගන්නේ
අදුරක් නැති හදකින් මා කොහොමද
එළිය ලබා ගන්නේ
සෙනෙහස නැති හදකින් මා කෙලෙසද
සැනසුම ලැබ ගන්නේ.......

වසර ගණන් ඇසුරේ සිටියත්
හදුනාගම්ද කෙසේ
අපගෙ සිතුම් පෑහෙනු බැරි වී
අහසට පොලොව ලෙසේ.....

නෙතට කදුළු දුන් දසුනක් යළි මා
නෙත ගැටෙන්නෙ නෑ
සිත රිදවූ ඒ සිතුවිලි කිසිවක්
යළි මා සිතන්නෙ නෑ
හදට වේදනා පැතුම් යළි යළිත්
මා නම් පතන්නෙ නෑ
තනිව සිටිමි වෙන් වී දිවි ඇති තෙක්
මා පෙම් කරන්නෙ නෑ.....

වසර ගණන් ඇසුරේ සිටියත්
හදුනාගම්ද කෙසේ
අපගෙ සිතුම් පෑහෙනු බැරි වී
අහසට පොලොව ලෙසේ....

ගායනය:

ඔබ මා හමු වූ අවසන් දිනේ
තාම මා සිතේ රැඳී තියේ
කඳුළින් බොඳවූ දෙනුවන් ඔබේ
ආදරේක වේදනා දැනේ
කොතරම් දවසක්‌ මා ඉන්නදො
මේ වගේ දුකක්‌ සිතේ දරා
සුළඟේ සැඟවී මා යන්නදො
මාගේ ප්‍රියා වී සොයා...

මේ විසල් පුරේ ඉන්න රූ ළඳුන් සොයා
මා ළඟින් රැඳී උන්න යාලුවන් ගියා
මට හොරා වගේ මගේ සිත කොහේ ගියා
මාව හැරදමා මසිත ඔබ සොයා ගියා
අඩ අඳුරේ සිත වැළපේ
සිහිවී ඔබේ ආදරේ...

වැලුකා තලේ සිත දිය බිඳක්‌ වගේ
ඈත සිතිජයේ ඔබේ රූ මැවී පෙනේ
මාසිතේ පුරා සුමුදු සිසිලසක්‌ දැනේ
ඔබ සොයා දුවන් එන්න මට නැතේ පිනේ
අඩ අඳුරේ සිත වැළපේ
සිහිවී ඔබේ ආදරේ..

ගායනය: කීර්ති පැස්කුවල්

රැවටුන තරම් ඔබ හින්ද මං
කවුරුත්ම දන්නෙ නෑ තවත්
කඳුළක තරම් දැණුනා හොඳින්
සමුගත්ත දා ඔයා මගෙන්
වැරදි කරලා ඔයා හැමදා
මට වැරදිකාරයා කියා
වෙන් වී ගියත් රිදවා එදා
අමනාප නෑ වුණේ කිසිදා

හැමදාම ඔබ මාගෙ පවසා
කඳුලේම උන් කාලෙ පෙරදා
දැණුනේම නෑ ඔහුගෙ කියලා
හිතුවේම ඔබෙ වෙන්න මතු දා
පිළිගන්න අදිමදි කලා
මගේ පණ ඈත යනු දැකලා
වැරදි කරලා ඔයා හැමදා
මට වැරදිකාරයා කියා
වෙන් වී ගියත් රිදවා එදා
අමනාප නෑ වුණේ කිසිදා

හිත කීරි ගැහිලාම රිදුණා
ඔබ දන්නෙ නෑ නේද මේවා
මට යන්න බෑ මතක හැරදා
ඔය වාගෙ දුර ඈත පියඹා
හිනැහෙන්න අමතක වුණා
මතක් වෙන වාරයක් පාසා
වැරදි කරලා ඔයා හැමදා
මට වැරදිකාරයා කියා
වෙන් වී ගියත් රිදවා එදා
අමනාප නෑ වුණේ කිසිදා

රැවටුන තරම් ඔබ හින්ද මං
කවුරුත්ම දන්නෙ නෑ තවත්
කඳුළක තරම් දැණුනා හොඳින්
සමුගත්ත දා ඔයා මගෙන්
වැරදි කරලා ඔයා හැමදා
මට වැරදිකාරයා කියා
වෙන් වී ගියත් රිදවා එදා
අමනාප නෑ වුණේ කිසිදා

ගායනය : රුවන් හෙට්ටිආරච්චි

Blogger Template by Blogcrowds