සැඳෑ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනෙන්
ඈත් වූ සඳ මගෙ සරා සඳ
තනි වෙලා මා තනි වෙලා.....
සැඳෑ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනෙන්
ඈත් වූ සඳ මගෙ සරා සඳ
තනි වෙලා මා තනි වෙලා.....

වළාකුලකුදු නොමැති අහසේ
මලානික වූ මගෙ සිතුවිලි
ගල් ගැසී ඇත පාළු වී ඇත
කදුළ පමණක් රජ වෙලා........

සැඳෑ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනෙන්
ඈත් වූ සඳ මගෙ සරා සඳ
තනි වෙලා මා තනි වෙලා.....

ඔබේ පැල්පත මගේ පැල්පත
අතර ඇත්තේ රැයක් පමණයි
ගව් ගනන් දුර ජීවිතේ බර
මගේ හිස මත රජ වෙලා.........

සැඳෑ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනෙන්
ඈත් වූ සඳ මගෙ සරා සඳ
තනි වෙලා මා තනි වෙලා.....
සැඳෑ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනෙන්
ඈත් වූ සඳ මගෙ සරා සඳ
තනි වෙලා මා....... තනි වෙලා.....

ගායනය : කසුන් කල්හාර

එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට
නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට
හැර ගිය දිනේ නාවත් මා ගම් දොරට
ආවේ ඇයි ද විරහී හිත අද්දරට

විස්මිත මට අදහන්නට බෑ තවම
මා හැර දමා නුඹ ගිය මග ගැන අරුම
සතුකර ගන්ට මුල් පෙම නොපිදූ බැවින
දුක්බර සිතට කීවෙමි නොහඩන ලෙසට

එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට
නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට
හැර ගිය දිනේ නාවත් මා ගම් දොරට
ආවේ ඇයි ද විරහී හිත අද්දරට

සිටිනා කොදෙව්වක නුඹ සැප විදීනම්
මවෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම්
මතකය නුම ට හිරිහැරයක් නොවේ නම්
තව කුමකටද දුක් ගී කල්පනාවන්
තව කුමකටද දුක් ගී කල්පනාවන්
තව කුමකටද දුක් ගී කල්පනාවන්

ගායනය : රොහාන් ශාන්ත බුලේගොඩ

Blogger Template by Blogcrowds