වෙනදා වගෙ අදත්
මා නො එන බව දැන තවත්
මග බලාගෙන හිටිය ඇති දැන්
එන්න වෙන්නෑ මට අදත්
පාට දේදුනු බැද විමන්
හීන මල් පෙති අතුරමින්
තැනූ යහනේ නිදා ගන්න
ලගින් ඉන්නම් රත්තරං

උණුහුම ඒ මා තමා
සුළගක් වී එනව මා
ඔබෙ තුරුලෙම දැවටිලා
සුපුරුදු සුවදක් වෙලා
සංසාරේ යලි කවදා හෝ
හමුවේවි නම් අපි ආයේ
සපුරා තහනම් නොවේ
ආයෙමත් මට ආදරේ

වෙනදා වගෙ අදත්
මා නො එන බව දැන තවත්
මග බලාගෙන හිටිය ඇති දැන්
එන්න වෙන්නෑ මට අදත්
පාට දේදුනු බැද විමන්
හීන මල් පෙති අතුරමින්
තැනූ යහනේ නිදා ගන්න
ලගින් ඉන්නම් රත්තරං

දකින්න ආසයි වෙනදා මෙන්
හිනා වෙන්න මදකට හොරෙන්
හිතා මතා ගියෙනෑ ඉතින්
තවමත් ඔබ ලග මං සිතින්
සංසාරේ යලි කවදා හෝ
හමුවේවි නම් අපි ආයේ
සපුරා තහනම් නොවේ
ආයෙමත් මට ආදරේ

වෙනදා වගෙ අදත්
මා නො එන බව දැන තවත්
මග බලාගෙන හිටිය ඇති දැන්
එන්න වෙන්නෑ මට අදත්
පාට දේදුනු බැද විමන්
හීන මල් පෙති අතුරමින්
තැනූ යහනේ නිදා ගන්න
ලගින් ඉන්නම් රත්තරං

ගායනය : රවින්ද්‍ර මීගමආරච්චි

දුර යන්න සිතුවාට සැගවී හොරෙන් 
ඔබ නැතුව මම ඉන්නේ කොහමද ඉතින් 
වාවන්න බැරි කදුළු ආවත් නෙතින් 
හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන්...
හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන්...

අවතැන් වෙලා ලැමතුරේ පෙම් හැගුම් 
හිනෙකින් හෝ තවකෙකුට ඔබ නොදෙමි මං
එක්වෙන්න සංසාරේ පිං මදිව නම් 
අපි දෙන්නා එක තැනම මිය යමු ඉතින්...
අපි දෙන්නා එක තැනම මිය යමු ඉතින්...

දහසක් නුවන් මා දෙසම නපුරෙන් බලන් 
ඉන්නා නිසා හමුවෙන්න  බෑ අපට දැන් 
එක්වෙන්න සංසාරේ පිං මදිව නම් 
අපි දෙන්නා එක තැනම මිය යමු ඉතින්..
අපි දෙන්නා එක තැනම මිය යමු ඉතින්..

දුර යන්න සිතුවාට සැගවී හොරෙන් 
ඔබ නැතුව මම ඉන්නේ කොහමද ඉතින් 
වාවන්න බැරි කදුළු ආවත් නෙතින් 
හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන්...
හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන්...

ගායනය: ශෂිකා නිසංසලා


ආදරෙයි කියා මා හදවතට ලංවෙලා..
කීව පෙම් කතා මා සිත පාරවයි සදා
ආදරෙයි කියා මා හදවතට ලංවෙලා..
කීව පෙම් කතා මා සිත පාරවයි සදා
ආදරයක් හරි හැටි අදුනන්නෙ නැහැ ඔයා..
කිසිම දිනෙක ආදරෙයි කියා කියන් එපා..

සැදු කූඩු සුලගට බිම කඩා බිද වැටී
හෙලූ කදුලු සයුරේ පාවෙලා යන්නැතී...
සැදු කූඩු සුලගට බිම කඩා බිද වැටී
හෙලූ කදුලු සයුරේ පාවෙලා යන්නැතී...
රුවේ තියෙන ලස්සන හදවතේ නෑ ‍රැදී
දෙන් එපා දුකක් වෙන කිසිවෙකුට මේ වැනී..

ආදරෙයි කියා මා හදවතට ලංවෙලා
කීව පෙම් කතා මා සිත පාරවයි සදා..
ආදරයක් හරි හැටි අදුනන්නෙ නැහැ ඔයා..
කිසිම දිනෙක ආදරෙයි කියා කියන් එපා..

හිතේ තියෙන තනිකම කිසිදා නොයයි මැකී..
පෙම් බැදි සිත වෙන කෙනෙකුට පුදන්නට බැරී..
හිතේ තියෙන තනිකම කිසිදා නොයයි මැකී..
පෙම් බැදි සිත වෙන කෙනෙකුට පුදන්නට බැරී..
නුඹේ සුවද මා ලග සැමදාම ඇත ‍රැදී..
හිතෙ දුකට මේ ගීවැල් කියවෙන්න ඇතී..

ආදරෙයි කියා මා හදවතට ලංවෙලා..
කීව පෙම් කතා මා සිත පාරවයි සදා
ආදරෙයි කියා මා හදවතට ලංවෙලා..
කීව පෙම් කතා මා සිත පාරවයි සදා
ආදරයක් හරි හැටි අදුනන්නෙ නැහැ ඔයා..
කිසිම දිනෙක ආදරෙයි කියා කියන් එපා.....///

ගායනය: ප්‍රදීප් කුමාර

පිණි වැටුන තරු යාය
මා ගාව සිටියාය
නුඹ තාම සිහිනේ රැදේ...
නිල් දෑස ලග ඉන්න අවසරද මට තවම
නිල් දෑස ලග ඉන්න අවසරද මට තවම
තරු යාය සේ නිල් ගැබේ..
තරු යාය සේ නිල් ගැබේ...

පෙරදාක ලග උන්නු සදවතක රුව ඇන්දු
නුඹගේ සෙනෙහේ මගේ....
තව ලන්ව ලග ඉන්න
මහදේම  සැතපෙන්න
සද සාවි සේ තරු ගැබේ..
සද සාවි සේ තරු ගැබේ...

දුර ඈත ගෙනියන්න
මගෙ ලොවට පිවිසෙන්න
නුඹගේ සෙනෙහේ මගේ...
තව ලන්ව දුර යන්න
සිත ගාව නවතින්න
තරු කොමලි සේ නිල් ගැබේ..
තරු කොමලි සේ නිල් ගැබේ...

පිණි වැටුන තරු යාය
මා ගාව සිටියාය
නුඹ තාම සිහිනේ රැදේ...
නිල් දෑස ලග ඉන්න අවසරද මට තවම
නිල් දෑස ලග ඉන්න අවසරද මට තවම
තරු යාය සේ නිල් ගැබේ..
තරු යාය සේ නිල් ගැබේ...

ගායනය : නලීන් විජයසිංහ

මගෙ හීනයෙ ළඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ
සිත් මානයෙ දැවටෙන්නට මගෙ උණුහුම මදිවීදෝ
ආදරේ මට නම් ඇයි විරහ සරදම්
ජීවිතේ මම නම් ඇයි කඳුලු මෙතරම්

නෙතු මුතු කැට වැටෙන තරම් හිත මත දඟකෙරුව තරම්
උණුහුම හිත හැදුව තරම් රැවටුණු හැටි මා මෙතරම්
හිත හඬන තරම් ඔබ දන්නවනම් තව කඳුලු දිදී රිදවන්නෑ
මා දැවෙන තරම් ඔබ දන්නෑ.....


මගෙ හීනයෙ ළඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ
සිත් මානයෙ දැවටෙන්නට මගෙ උණුහුම මදිවීදෝ
ආදරේ මට නම් ඇයි විරහ සරදම්
ජීවිතේ මම නම් ඇයි කඳුලු මෙතරම්

නොමියෙන මල් මතක පෙති එක එක බිඳ දැමුව හැටි
නෙතු අග තෙත රැඳුනෙ නිති මගෙ වරදම වෙන්න ඇති
හුරු සිනහ සිතින් ඔබ ඉන්නවනම් තව කඳුලු කතා පවසන්නෑ
මේ කඳුලු මගෙ දැන් දුක නෑ


මගෙ හීනයෙ ළඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ
සිත් මානයෙ දැවටෙන්නට මගෙ උණුහුම මදිවීදෝ
ආදරේ මට නම් ඇයි විරහ සරදම්
ජීවිතේ මම නම් ඇයි කඳුලු මෙතරම්..

ගායනය: උදය ශ්‍රී 



ඔබ මගේ කියා
මම හිතේ තියාගෙන උන්නා....
එය කියන තුරා මට ඇසෙන තුරා
මග බලමින් මම උන්නා...
ඔබ මගේ කියා
මම හිතේ තියාගෙන උන්නා....
එය කියන තුරා මට ඇසෙන තුරා
මග බලමින් මම උන්නා...

කල්පනා... කල්පනා.... කල්පනා....
ආදරේ..... කල්පනා...
සුන්දරයි..... හිත ඇති තුරා...

සුදු වළා ඉරා සඳපාන එබීගෙන උන්නා...
සඳ ගෙවේන තුරා ඔබ දකින තුරා
කාටත් නොකියාම උන්නා....
දිවිපුරා... දිවිපුරා... මම සදා... මම සදා...
මතකේ ඇති තුරා... ආදරේයි හදවත පුරා...

නේක ආල කතා මම කියන ගොතාගෙන උන්නා
සිත රහස් අපේ අපි දන්න නිසා
දැසින් දොඩමළු වෙන්නා
සිත සිතා... සිත සිතා... සිටි පතා මම නිසා..
ආදරේ... පිරි සිනා ඔබ නිසයි හිදිනා තුරා.......

ගායනය : උපේකා නිර්මාණී




මම මොකුත් කියන්නෙම නෑමයි...
හිත රිදෙන කතන්දර බෝමයි...
ඔබව තේරුම් ගන්නම බෑමයි...
වෙන් වෙන්න හිතන්නෙත් ඔබමයි...
වෙන් වෙන්න හිතන්නෙත් ඔබමයි...

මෘදු සරා සඳේ සිහිලැල්ලේ...
හිරු කිරණ ගෙනෙන අරුණැල්ලේ...
මුතු පින්න පිපුනු තණනිල්ලේ...
හමුවුනා එදා සැනසිල්ලේ...
මුතු පින්න පිපුනු තණනිල්ලේ...
හමුවුනා එදා සැනසිල්ලේ...

මම මොකුත් කියන්නෙම නෑමයි...
හිත රිදෙන කතන්දර බෝමයි...
ඔබව තේරුම් ගන්නම බෑමයි...
වෙන් වෙන්න හිතන්නෙත් ඔබමයි...
වෙන් වෙන්න හිතන්නෙත් ඔබමයි...

ඒ මිහිරි අතීතය නිමවී...
නෙතු කදුළු වලින් යමු වෙන්වී...
ඔබ ගියත් කෙනෙකු හා ලංවී...
මා ඉන්නම් සැමදා තනිවී...
ඔබ ගියත් කෙනෙකු හා ලංවී...
මා ඉන්නම් සැමදා තනිවී...

මම මොකුත් කියන්නෙම නෑමයි...
හිත රිදෙන කතන්දර බෝමයි...
ඔබව තේරුම් ගන්නම බෑමයි...
වෙන් වෙන්න හිතන්නෙත් ඔබමයි...
වෙන් වෙන්න හිතන්නෙත් ඔබමයි...

ගායනය : රොෂාන් ප්‍රනාන්දු

මේ ගී.... කාටදැයි
මේ ගී.... කාටදැයි
ඔබ දන්නවා ඇති.. සිත මගේ පිදු හැටී
සිහිවේ... නොනැවතී...

මේ ගී.... කාටදැයි
මේ ගී.... කාටදැයි
ඔබ දන්නවා ඇති.. සිත මගේ පිදු හැටී
සිහිවේ... නොනැවතී...
මේ ගී.....

සිතු පැතු අන්දම රෑ.. දිවා
අමුතුම ලොවක් මවා
මට මා අමතක වූවා.. සිහිය පැන දිවා..
බලාපොරොත්තුවෙ කඩතිර ඉරා
පාළුව විද දරා...
ඉවසමි දිවි තුරා....

මේ ගී.... කාටදැයි
මේ ගී.... කාටදැයි
ඔබ දන්නවා ඇති.. සිත මගේ පිදු හැටී
සිහිවේ... නොනැවතී...
මේ ගී....

එකම හිනාවට ගී දහක්
බිහි වේ මාගේ මුවින්...
ඇති උනි නම් අවබෝදේ..
අද මේ විලස නොවේ...
කොතැනක හිටියද මෙම ලෝ තලයේ
රකිමි හැම කලේ...
සිහි වේ හැම වෙලේ...

මේ ගී.... කාටදැයි
මේ ගී.... කාටදැයි
ඔබ දන්නවා ඇති.. සිත මගේ පිදු හැටී
සිහිවේ... නොනැවතී...

මේ ගී....

ගායනය :  එච්.ආර්. ජෝතිපාල

රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ....
සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා
අද මෙන් ලදේ හෙට නෑ හමු වෙන්නේ මා
ගෙන යමි ඔබේ ආදරේ..... ආදරේ.......

නා දළු දෙතොල් හසරැළි මත වෙලී
ආ ගිය ගමන් සිහිව එයි යලි යලී
අසමාන වු ඒ අප ආදරේ......
කිසිදා බිදෙන්නෑ සැකයක් නැනේ...

රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ...
සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා...

අතිනත වෙලා පටලලා රන් හුයෙන්...
ඔබ ගෙන යමි සපුරලා සිතු පැතුම්...
හෙට ඒ දිනේ දී සයුරෙන් එහා...
පිළිගන්නවාදෝ පැමිණි වහා...


රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ....
සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා
අද මෙන් ලදේ හෙට නෑ හමු වෙන්නේ මා
ගෙන යමි ඔබේ ආදරේ..... ආදරේ.......


ගායනය : ප්‍රියා සූරියසේන

ඇස් ආදරෙන් පුරෝනා
හිත පාලුවෙන් ගලෝනා
ඔබ මගෙම වෙන්න ඕනා
මියැදෙන්න දෙන්න උනුහුමේ ඔබේ....
මා හදවතින්ම උමතු වී තියේ...........//

ඔබ සිහිවන හැම මොහොතක් ගානේ
දැකගන්නට ඔබ මා ළඟ නෑනේ
නුදුරේදිම කරගන්නට මාගේ
අවසර දෙන්නට පමණයි ඕනේ
ඉඩ දෙන්නම් පපුතුරේ
නැලවෙනු මැන සොඳුරියේ
මට ඔබම තමයි ඕනා.....

ඇස් ආදරෙන් පුරෝනා...

රැක ගන්නම් ජීවිතයම වාගේ
එකසැරයක් හද ගත්තානම් මාගේ
සැනසෙන්නට හැමදාමත් ආයේ
එනවද හිමිකම ගන්නට මගෙ හීනේ
නොසිඳෙන මහ සාගරේ
තරමට මගේ ආදරේ
මට ඔබම තමයි ඕනා

ඇස් ආදරෙන් පුරෝනා...

ගායනය :  කවීශ කවිරාජ්

සොදුරු අතීතයේ නිමල පැතුම වී
මගේ හද තුල ඔබ ඉන්න ඇතී...
ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි
ආදරයෙන් හමු වෙන්න ඇතී.......//

කදුලු සුසුම් මැද සතුටු සිනා මැද
භවය පුරා ලග ඉන්න ඈතී...
එදත් මගේ සිත අද මෙන් කැපවී
ඔබේ නමට පුද දෙන්න ඈතී.....


සොදුරු අතීතයේ නිමල පැතුම වී
මගේ හද තුල ඔබ ඉන්න ඇතී...
ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි
ආදරයෙන් හමු වෙන්න ඇතී.....


නොසෑලී නොතෑවී බාධක හමුවේ
ආ හින්දා ජය ගන්න ඇතී....
ආත්ම ගනනේ පුරුදු ලෙසින් අපි
මේ අයුරින් හමු වෙන්න ඇතී.....

සොදුරු අතීතයේ නිමල පැතුම වී... ///

ගායනය : ටී.එම්. ජයරත්න

අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හඳින් නුඹෙ ලෝකය එලියනුනි
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳි
පිය සෙනෙහසට කව් ගී ලිය උනා මදි.....

සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ
කුසයේ නොදැරුවත් දිවි බර මම දැරුවේ
මහමෙරකට උසයි දරු පෙම හද පතුලේ
පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ......

මවකට මුවාවී නුඹ වෙත දිවි දුන්නේ
මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ
පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ
අම්මාවරුන් පමණද මතු බුදුවන්නේ.....

ගායනය : ටී.එම්. ජයරත්න

ඔයා නිසා හඬලා...
මගේ ඇසුත් රිදුනා...
තරහා වෙලා හැර ගියදා
පාලුවේ උන්නේ...
වේදනා දැනුනේ..........//

සිහි කරලා ඔබ ගැන මා හඬලා...
තව මට නෑ සැනසිල්ලක් ලැබිලා...
පෙම බිඳලා ඔබ ගියදා ඉඳලා...
තනිවීලා ඉන්නේ සැමදා...
ඉන්නේ සැමදා.........

ඔයා නිසා හඬලා...
මගේ ඇසුත් රිදුනා...
තරහා වෙලා හැර ගියදා
පාලුවේ උන්නේ...
වේදනා දැනුනේ...........

සෙනෙහස මා මඳ සුළඟක් කරලා...
පා කෙරුවා එන ලෙස ඔබ සොයලා...
සුසුමක් වී ඒ සුළඟේ එතිලා...
එනු මැනවි මා හා බැඳිලා...

ඔයා නිසා හඬලා...
මගේ ඇසුත් රිදුනා...
තරහා වෙලා හැර ගියදා
පාලුවේ උන්නේ...
වේදනා දැනුනේ...........

ගායනය : රොෂාන් ප්‍රනාන්දු

දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම්
මම උන්නේ ඔබෙ වෙන්න අත් දෙක අරන්
එනමුත් අපේ කරුමේ එක්කලා තවත්
සැනසෙන්න බෑ එතුල ඇත්තෙම දුකක්
දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම්.........

හැර යන්න ආදරයේ නිර්මල පැතුම්
පාරන්න හිතුවාද ඇතිකර ගැටුම්......//
වැළපෙන්න බැරි හිතට මේ හැටි රිදුම්
පෑහෙන්නේ නෑ වැරදිකාරියේ ඉතින්....
දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම්.......

ගනඳුරට පෙම් බඳින තරු යායට
මල් යාය විකසිත වෙලා කුමකට....//
මං ආයේ හිනැහෙන්න උර මඬලට
ළංවෙන්නේ නෑ කඳුළු පූජා කර....

දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම්
මම උන්නේ ඔබෙ වෙන්න අත් දෙක අරන්
එනමුත් අපේ කරුමේ එක්කලා තවත්
සැනසෙන්න බෑ එතුල ඇත්තෙම දුකක්
දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම්.......

ගායනය : රොෂාන් ප්‍රනාන්දු


හදවත ඉල්ලා නොලෑබුන විටදි
දහසක් සිතුවිලි මා හද තුල තෙරපි...
මිතුරිය ඔබ කෙලසක හො අමතක කරමි
නොපිරෙන පෙරුමන් පුරලා කුමටද ලතෑවි...

ඔය නෙතු අග රෑදි තිබු
නිල්මිනි ජායා.....
දෑක මා හදවත සසෑලි
සෙනෙහස කිවා......

හදවත ඉල්ලා නොලෑබුන විටදි
දහසක් සිතුවිලි මා හද තුල තෙරපි...
මිතුරිය ඔබ කෙලසක හො අමතක කරමි
නොපිරෙන පෙරුමන් පුරලා කුමටද ලතෑවි...

මතු අප උපදින භවයේ
යලි හමුවේවා......
ඔය නෙතු අග සිසිල
දැනී
මට ලං වේවා......

හදවත ඉල්ලා නොලෑබුන විටදි
දහසක් සිතුවිලි මා හද තුල තෙරපි.....
මිතුරිය ඔබ කෙලසක හො අමතක කරමි
නොපිරෙන පෙරුමන් පුරලා කුමටද ලතෑවි....

ගායනය : ප්‍රියා සූරියසේන

මිණි කිංකිණි හඬ පරදා මේ ගැල් ගමනේ
කළුවර කතරේ කඳූ වැටි මානේ
දුක් ගී රාවෙ සවනත පෑරේ සුදු මැණිකේ
මිණි කිංකිණි හඬ පරදා මේ ගැල් ගමනේ


පාළුවේ පාවී හපුතල් කන්දේ
පුරහඳ නැගුනේ මේ දිගු ගමනේ
තව දුර වැඩිවේ ගව්වෙන් ගව්වේ
ඔබ නැති ගම්මානේ මේ දුර නෑඟේ


මිණි කිංකිණි හඬ පරදා මේ ගැල් ගමනේ
කළුවර කතරේ කඳූ වැටි මානේ
දුක් ගී රාවෙ සවනත පෑරේ සුදු මැණිකේ
මිණි කිංකිණි හඬ පරදා මේ ගැල් ගමනේ


සීපදේ රාවේ සියොළඟ සසැලේ
ඔබෙ සිත සැඟවේ දාහය උතුරා
උණුසුම ඔබගේ සිරුරේ දැවටේ
නෑ හිරු පායන්නේ නෑ මට ආයේ


ගායනය : විජය කුමරතුංග


නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී
නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරී
නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ
නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ

නොදැක ඉන්න බෑ මටනම් මගේ ආදරී.....

පැහැදුල් කතා මතකේ වෙලා
දෙනුවන් තෙමා පියමන් කලා
පෙර පෑ සිනා පාවී ගියා මා හැරදමා
සිහිවේනවා ඔබ කී කතා මුළු රෑ පුරා
මතකේ දරා හිඳිමී සදා...
මතකේ දරා හිඳිමී සදා...

මිහිදුම් වලා සළුවෙන් වෙලා
පැතුමන් දරා රකිමී සදා
පෙර පෑ සිනා පූජාකලා අදුරේ තියා
සගවා දොවා මේ වේදනා යලි එනතුරා
දිවියේ පුරා හිඳිමී බලා...
දිවියේ පුරා හිඳිමී බලා...

නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී....



ගායනය : රුවන් හෙට්ටිඅරච්චි

Blogger Template by Blogcrowds