පූජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැගිටින්නේ

ඉසුරින් කිත් යසසින් බබලන දා
ඔබගේ බැනුමත් ගීයක් වේ
ඉසුරින් කිත් යසසින් පිරිහුනු දා
සිනාසුනත් එය වරදක් වේ

පූජාසනයේ ඔබ හිඳුවා....

කිරියෙන් පැණියෙන් උතුරා යන කල
ලොව ඔබ පාමුල හඬා වැටේ
අතමිට හිඟ වී බෙල සුන් වන කල
ලොව ඔබ හිස මත කඩා වැටේ

පූජාසනයේ ඔබ හිඳුවා....

ගායනය :නන්දා මාලනී

සද මා හා සිනාසුනා
තරු මා හා සිනාසුනා
ඔබ මා හා සිනාසුනේ නැ
ඔබ මා හා කතාකලේ නැ...

පුරා පෝය හද අහසට එන විට
මා එනවා බෝ මලුව දිහාවට
බෝ මලුවේ හිද පහන් කුලුන යට
පෙරුම් පුරනවා ඔබ දැක ගන්නට

සද මා හා සිනාසුනා......

පුරා පෝය හද පායන විලසේ
ඔබ එනවා බෝ සමිදු පුදන්නට
නාදුනනා ලෙස ආපසු යනවිට
සුසුම් නැගෙනවා හද උතුරන්නට

සද මා හා සිනාසුනා......

ගායනය : දයාරත්න රණතුංග

සිනහව අතරින් කදුලක් උපන්නා
ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා....//

හිම කැට වටෙනා සීතල උදයක..//
ඇය හමු වූවා කදුකර පෙදෙසක..//
හිම මෙන පිරිසිදු ඔබ ආදරයේ
සතුට ලබෙන්නේ කෙලෙසද සොදුරිය
කදුලැලි දුන් ඔය නිල්මිනි දෑසට..//
පමනයි කෙල්ලේ ආලය කෙරුවේ

සිනහව අතරින්........//

හදවත ගොලු නැත මා මියුලැසියේ
ගොලු කලේ කව්දැයි ඔබ නේද දන්නේ
ඔබ පමනයි මට සතුටට හිටියේ....//
ඇයි ඒ සතුටත් ඉවතට දැම්මේ
නිල්මිනි දෑසට මම සුදු ආසයි
ඔබේ ඔය දෑසට මම සුදු ආසයි
කවදත් නොලැබෙන මිරිගුව ඒකයි

සිනහව අතරින්........//

ගායනය : මිල්ටන් මල්ලවආරච්චි

මුතු කැට වැටෙනා පෝරුව අබියස
මනමාලියනේ හඩනු එපා..
රන්කෙන්ඩිය සෙත් පැන් විසිරීදා..
විල්ලුද රන්පට තෙමනු එපා

රන් පලසේ මිනි කැන් වැස්සේ
මංගල මදුසමයේ
රෑ.........
මුහුණු වසාගෙන කදුලු සලන්නට එපා
කිසි දිනෙක යෙහෙලියේ

රෑ යහනේ නිදි පෙම් සිහිනේ
මංගල මදුසමයේ
රෑ.........
ඈත බලාගෙන කදුලු සලන්නට එපා
කිසි දිනෙක යෙහෙලියේ

මුතු කැට වැටෙනා....

ගායනය : රූකාන්ත ගුණතිලක

සුසුම් ලමින් මගේ දිහා
අමනාපෙන් බලයි...
එතකොට නෙතු අග්ගිස්සෙන්
කඳුලු බිඳක් වැටෙයි...
බැරිඋනම තැනදී දොස් කිව්වත්
මගෙ හිතටත් දුකයි...
ආදරේට මුරණ්ඩුකම
හොඳ ලකුණක් නොවෙයි...

රණ්ඩු කරන කිරිල්ලී
යන්න හදයි ඉගිල්ලී...
රණ්ඩු නොකර කිරිල්ලී
නොයා ඉඳින් ඉගිල්ලී...

මම දෙයකට හා කිව්වම
නුඹ මට බෑහැ කියයි...
විරසකයෙන් මුහුන නොරක්
කරන් කාලේ ගෙවයි...
යළි මදසක් හෙලා.....
යළි මදසක් හෙලා කියනා දේ නම්
මට හැඟෙයි...
ලෙංගතුකම වැඩි උනාම
මමත් ඔහොම තමයි...

රණ්ඩු කරන කිරිල්ලී
යන්න හදයි ඉගිල්ලී...
රණ්ඩු නොකර කිරිල්ලී
නොයා ඉඳින් ඉගිල්ලී...

මට අතපසු උනොත් යමක්
බොහොම දුකින් හිඳියි...
ඒත් හිතේ යටින්
ඇත්තේ ආඩම්බරකමයි...
නුඹ යළිත් ලංවෙලා......
නුඹ යළිත් ලංවෙලා
කවනා බත්කට මට රසයි...
අහිංසකයි රණ්ඩුකරත්
කිරිල්ලී මට අගෙයි...

සුසුම් ලමින් මගේ දිහා
අමනාපෙන් බලයි..........

ගායනය : කරුණාරත්න දිවුල්ගනේ

බුදු කරුණා දෑස තෙමී
මෙත් සිහිලැල් ඇද හැලුනා
නිවා තාප ලෝකතරේ
අමා වතුර ගලා බසී

කදු වැටි වල නිසොල්මනේ
ගහකොල මල් පිපී නටයි...//
නැවුම් පොලොව නව නිල්ලේ
බුදු සිරිපා පහස ලබයි....

කෙලෙස් මලින් උකඨලි සිත
නිවා තවම සුවය සොයයි..//
නිසල ඔබේ බුදු රුව ලග
මගෙ හද භාවනා කරයි...

බුදු කරුණා දෑස තෙමී........

ගායනය :නන්දා මාලනී

Blogger Template by Blogcrowds