සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව - කවදා හෝ යළි දකින තුරා
රැවිපිළි රැවි දී ඇසෙන ඔබේ හඩ - යළි මගෙ සවනට වැකෙන තුරා
විදින්න දුන් ජීව්තය අරන් මම - විදවන්නද මේ භවය පුරා

දෙලොවක් අතරේ සරන ඔබේ හිත - මෙතරම් සසැලෙන් නැතුව ඇතී
ඔබ මගෙ මුලූ ලෝකයම නිසා මට - වැඩියෙන් දුක දැනෙනවා ඇතී
විදින්න දුන් ජීව්තය අරන් මම - විදවන්නද මේ භවය පුරා

භවයෙන් භවයේ අහිමිව හිමිවන - නොපිරූ පාරමිතාව පුරා
සමුගනිමුද අපි අපේම වූ මතු භවයක - යළි හමුවෙමුයි පතා
විදින්න දුන් ජීව්තය අරන් මම - විදවන්නද මේ භවය පුරා


ගායනය : දයාන් විතාරණ

Blogger Template by Blogcrowds