පන්හිඳට මිතුරු වෙලා
රස කවි පද මිමිණූ අයියණ්ඩි
ගිණි අවිය අමෝරා යුද වදින්න
රළු වුනාද නුඹ අයියණ්ඩි

දෙපෝදාට බුදු පුදන්න
දොහොත් මුදුන් දී වඳින්න
දැත එසවුණා
ඒ අත් කෙලෙසද යුද වදින්න
ඔබට සවි වුණේ

හැන්දැවට කවි කියන්න
තුරුළු කරන් ගී ගයන්න සිත මෘදු වූයේ
ඒ සිත කෙලෙසද යුද කරන්නෙ
කුරිරු යුද බිමේ

ගායනය : ශෂිකා නිසංසලා

එදා මෙදා තුර කඳුළට විවරව
දෑස් පියන්පත් කවුළු වසා
ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පිරූ රත් දෙතොල පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල සුදුමැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා

දෑස් කවුලු පත් පලා කදුළු කැට
වෑහෙද්දී මගෙ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගේ සිතටත් ඔබ සුවඳයි
ඈත් නොවේමයි ඒසුවඳින්

එදා මෙදා තුර කඳුළට විවරව.....

ඊයේ ඉපදී අද මිය යන්නට
පෙරුම් පුරාගෙන උපන් ළයේ
හීයේ වේගෙන් අහස උසට බැඳි
ආදර ලෝකය හෙටත් තියේ
ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත
ඇයි මේ ලොව මා තනිව ගියේ
ආයේ දවසක එක හිත ඇත්තන්
වී අපි ඉපදෙමු එකට ප්‍රියේ

එදා මෙදා තුර කඳුළට විවරව
දෑස් පියන්පත් කවුළු වසා
ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පිරූ රත් දෙතොල පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල සුදුමැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා

ගායනය : සනත් නන්දසිරි

බෝ මළුවේ මල් සුවඳක පැටලී
අම්මා පෙව්කිරි සුවඳ ගලා එන්නේ
සුපුරුදු උණුහුමකට සිත ඈඳී
ගේදොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ
දං බෝවිටියා කැළේ මැදින්
එන්න හිතයි නුඹ ලඟට සැනින්

එතෙර කරන්නම් හතර වරිගයම
සංසාරෙන් යන මේ ගමනේ
චුටිටක් සෙල්ලම් කරලා එන්නද
පුරුදු යාළුවන් හා සැනිනේ
එහෙම ගියොත් ඒ අය පොඩි සාධු
කියා කියනවිට වැඳ වැටිලා
කොහොමද අම්මේ ඔට්ටු දුවන්නේ
වෙල් ඉපනැල්ලේ පැන නටලා

භවයෙන් භවයේ පෙරුම් පුරා මම
බවුන් වඩා උපදින වාරේ
දිනයක මතුදා හතර වරිගයම
එතෙර කරන්නම් සංසාරේ
ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලඟ
ඉන්නම් කිරි සුවඳේ එතිලා
කොහොමද අම්මේ එහෙම කරන්නේ
අම්මත් සසරින් එතෙර වෙලා

ගායනය : සනත් නන්දසිරි

පිපුණු මලක හැඩ දෑස සලා
සි‍තුම් විහඟ කැල වසඟ කළා
මඟ තොට රැඳි නෙත් දහක් වසා
මතකද අප නෙත් කතා කළා

කවුරුද ඔබ මා ඉන්නේ කොතැනා
නොම විමසා පෙම ඉඟි මැරුවා
සොඳුරු වසන්තෙක මොහොතක සුව පා
වෙන්වූවා අපි සුසුම් දරා

මතකයෙ මැවෙනා පෙර රූ ඡායා
හමුවේදෝ යළි සිත සනහා
ඔබෙ නමටයි මා පාරමි පුරනා
ඇසෙවිදෝ මේ ගී මාලා

ගායනය : ශාලිත අබේවික්‍රම

වළාකුලක් ගෙන මුවා කරමු
හිරු ගිණිගෙන වියරුව
නලියන වැලි කතරේ
රත්වුණු වැලිකැට පුපුරණ
මැදපෙරදිග වැලි කතරේ

වතුර මලෙන් නා දොළ අමතක කර
දූලි සුළං විඳ වෙළ අමතක කර
විදුලි පහන් මැද සඳ අමතක කර
දෙපා අබියසට ගමු අපි සුර පුර

නගර දනවූ මැද සුවිසල් මන්දිර
අතැර උයන් රට නොරටුන් ලං කර
පඳුරු පතොක් කටු අත ගා උල් කර
විනෝද වෙමු අපි ලේ මස් දිය කර

ගායනය : විජය කුමාරතුංග

දඟ ගෙයි දඩුවම් සියුමැලි වැඩිනම්
අළු ගෝසුවනේ එල්ලාපං..//
කටු ඉඹුලේ අප එල්ලාපං

යුක්තිය උදෙසා කෑමොර දීමයි
දඟ ගෙයි ලෑමට අප සැම කල පව
මුකවාඩම් බැඳ එකකු නසන කළ
දනිමු සුවහසක් තව උපදින බව

වරදට එරෙහිව අවි ඔසවන්නේ
රටකට දැයකට හිත ඇති මිනිසුන්
ශාන්තිවාදීව තපස් රකින්නේ
පිට කොඳු බිඳ ගත් ඔල මොළ නිවටුන්

ගායනය : විජය කුමාරතුංග

සුළඟ නුඹ වගෙයි
සිත් මල වටා එතෙයි
මල් සුවඳ හොර හොරෙන් අරන්
යන්නටම හදයි

වැස්ස නුඹ වගෙයි
සිත් මලට ඇද වැටෙයි
මලේ පාට නොසේදීම
පුදුමයක් තමයි

සිත හැදිනුවෙත් නුඹයි
පසුපසම එලව එලවාවිත්
සැනසුවෙත් නුඹයි
නුඹ මගේ හිත අරන්ගියා
පුදුමයක් නොවෙයි

සුළඟ නුඹ වගෙයි......

සිත තනි කළෙත් නුඹයි
මගෙ සිතේ සියුම් තැන් සොයසොය
රිදෙවුවෙත් නුඹයි
ඒත් නුඹෙන් සිත නොමිදෙයි
පුදුමයක් තමයි

සුළඟ නුඹ වගෙයි.......

ගායනය : කරුණාරත්න දිවුල්ගනේ

ඔබට වරම් නැති මටද වරම් නැති
සෙනෙහස කොතැනද සැඟව ගියේ
ඉවත ගලා ගිය කඳුළක දියවී
ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ

ඔහුට පුදන්නට පූජාසනයේ
නොකිළිටි මල් පිපුනිද ලඳුනේ
පෙති ගිලිහී ගිය පරසතු කුසුමක
සුවඳ කොහේ කොතැනද රැඳුනේ

ආ මඟ වරදී ඔබද ඔහුද මා
දෛවයෙ තුංමංසල හමුවේ
බලා හිඳිනු මිස හඬා වැටෙන්නට
කඳුලක් නෑ දෙනයන පිපුනේ

ගායනය : කරුණාරත්න දිවුල්ගනේ

මහ වැස්සක්.....

මහ වැස්සක් බිමට ගලා
නිදහස් වූ අහසක් සේ
ඔබ නිසොල්මනේ එපා හිදින්න
ඔබේ නිහඬබව මට බෑ දරාන ඉන්න
අනේ තව ටිකකින් හිනාවෙලා කථා කරන්න
ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න

විරසක සුසුම්
මහගෙයි පුරා ඇසෙන්නේ
කවුළු දොරින් ගෙට එන
නිදි නැති අටවක සඳ
තනි යහනේ සරදම් රටා වියන්නේ

විස කටු ඇනී
ආතුර වූ සිතට ඔබේ-ඔබ මට කියා දුන්න
සෙත් කවියක් කියන්න-නිවැරදි මිනිසුන්
කොයි දෙසද ඉපදුණේ

ගායනය : සුනිල් එදිරිසිංහ

සඳකඩ පහනක.....

සඳකඩ පහනක කැටයම් ඔපලා
පාවෙන දේදුණු ලැගුම් ගනී
කැලැතුනු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියැවී
යුගයෙන් යුගයට නොමියෙන දහනක
දිවියක පදනම මතු වෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකුළක් මැළවෙද්දී
සියුමැලි කැකුළක් මැළවෙද්දී.....

දහසක්පෙතිමත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙනයන බින්දූ
ගවුවක් ඉහලක ගොනු කොට රඳවා
පොපියන දෙතොලක් එහි කැන්දූ
අහසක් ගුගුරා කළුවක් වපුරා
ඒ හා මුහු වුන වැහි බින්දු
ඈ ගෙන යද්දී නටඹුන් අතරෙක
තවෙකෙක් ඈ වෙත හඳ රැන්දූ
තවෙකෙක් ඈ වෙත හඳ රැන්දූ....

සඳකඩ පහනක කැටයම් ඔපලා......

හදවිල ඉපැදුණු කැකුළක් නොකලට
නටුවන් ගලවා දුරක යවා
මිහිලිය තෙත් කොට ගිලිහුණු කඳුළක්
සත් සමුදුරකට මුහුව ගියා
ඔබට උරුම වූ රිදුණු තැවුණු හද
එක්ටැම් මැදුරක කවුළු අරා
රුවන් විමානෙන් පියඹා එනතුරු
පොපියන හදවත සිටී බලා...
පොපියන හදවත සිටී බලා...

ගායනය : සුනිල් එදිරිසිංහ

ළඳුනේ.....

ළඳුනේ...ළඳුනේ...
ඔබේ දෑස දැක ගත්තෙමි
සැඳෑකලෙක ළඳුනේ..ළඳුනේ
දෙනෝදහක් අතගත්තද
සැමියෙක් නැති ළඳුනේ
නෑයෙක් නෑකම නොකියන
වීදි සරන ළඳුනේ..ළඳුනේ..
තෙල්මල් ගෙන දෝත පුරා
මුණි කුටියට පියමංවන
ඔබේ දෑස දැක ගත්තෙමි
සැඳෑකලෙක ළඳුනේ..ළඳුනේ

බුදුන් දැක නිවන් දකිමැයි දෙව්රම් යන පාර අහන
ඔබද පටාචාරාවකි ඔබද කිසාගෝතමියකි
පිරිමින්ගේ පාප කඳට දෝස විඳින ළඳුනේ
අඳුරේ පවු කරන දනා එළියෙ රවන ළඳුනේ
ලැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ
කුහුඹුවකුට වරදක්නැති වැරදිකාර ළඳුනේ

ගායනය : අමරසිරි පීරිස්

අකුරු සතරකින් මනස පැටලිලා
වැලි පිල්ලේ ලියලියා
ගලපන්නට බැරිව ලතවුනා
ආදරයයි අකුරු සතර ඒ
ආදරයයි අකුරු සතර ඒ

"ආ" යන්නෙන් මා පැතූ ආදරේ
"ද" යනු ගිණිතියලා දවදවා ගින්දරේ
"ර" යනු රන් බැවින් සවන් යුග වසා
"ය" යනු කීවේ යන්න ඔබ හැරා

අකුරු සතරකින්...

"වි" යනු වියෝගෙ මැවුවා සිතේ
"වා" යනු වාවන්නට පෙළඹුවා නිරතුරු
"හ" යනු හසරැළි නගන්නෙමි කියා
"ය" යනු යළි කීවේ එන්න ඔබ කරා

අකුරු සතරකින්.....//

ගායනය : මර්වින් පෙරේරා

මට ඔයාව මතක් වෙනව හැම මොහොතකම
හිත හදාගන්න හැදුවට බෑ එහෙම කරන්න
පොඩි සිදුවීමක් ඇති ආදරෙ තව වැඩි වෙන්න
මම ආදරෙයි දැන් වෙනදට වැඩියෙන් ඔබට
මම ආදරෙයි දැන් වෙනදට වැඩියෙන් ඔබට

කුරුටු ගාලා මකා දමල ඔබේ ලිපිනය
දුරකථනෙන් අයින් කළත් ඔබේ අංකය....//
කථා කරන්නෑ කියලා හිතා ගත්තට
ජීවිතය තියෙන කල් මට බෑ එහෙම කරන්න
ජීවිතය තියෙන කල් මට බෑ එහෙම කරන්න

මට ඔයාව මතක් වෙනව හැම මොහොතකම
හිත හදාගන්න හැදුවට බෑ එහෙම කරන්න
පොඩි සිදුවීමක් ඇති ආදරෙ තව වැඩි වෙන්න
මම ආදරෙයි දැන් වෙනදට වැඩියෙන් ඔබට
මම ආදරෙයි දැන් වෙනදට වැඩියෙන් ඔබට

කටකාර වචන අහගෙන හුරුවෙලා ඔබෙ හඩ
එක දවසක් ඉන්නට බෑ දුකයි මට තව...//
තැවරි තැවරි සිත වද දෙයි ඔබව දකින්න
දුර වැඩිනෑ සිත ඇත්නම් ඇවිදින් යන්න
දුර වැඩිනෑ සිත ඇත්නම් ඇවිදින් යන්න

මට ඔයාව මතක් වෙනව හැම මොහොතකම
හිත හදාගන්න හැදුවට බෑ එහෙම කරන්න
පොඩි සිදුවීමක් ඇති ආදරෙ තව වැඩි වෙන්න
මම ආදරෙයි දැන් වෙනදට වැඩියෙන් ඔබට
මම ආදරෙයි දැන් වෙනදට වැඩියෙන් ඔබට

ගායනය : නිමල් රන්ජිත්

පවනට සැලෙනා දොඹ මල් සුවඳින්
ආදර හසරැලි මුවට නැඟෙයි දෝ
සවනට කොඳුරා පවසන වදනින්
ආදර හැඟුමන් සිතට දැනෙයි දෝ

මල් ඇතිරුන ඒ සුව යහනේ ඔබ
අඩවන් දෙනෙතින් ආල වඩයි දෝ
මා ඇකයේ සිට පොඩි පුතු හඬනා
ඒ දුක්බර හඬ ඔබට ඇසෙයි දෝ

ඇකයේ සිට මා පුතු හඬනා සඳ
ලේ කිරි වීදැයි නොදනිමි මා ළඳ
අසරණ දෙනෙතින් පුතු දෙස බැලු සඳ
දුටුවේ වැගිරුනු කඳුළු පමණි ළඳ

ගායනය : ටී.එම්. ජයරත්න

මාල ගිරා ගෙල - මාල පොටක් බඳු
ගෝමර පෙති මාලේ
පාට සරුංගල් - පාට නෙලා
රුව තිලෙනා ලීලේ

වතු සුදු මල සේ මා
වත රූසරු බෝමා
කෝළ කෝමළ වරුනේ
සිත බැඳුනා ළඳුනේ

කෙකටිය සුදට සුදේ
සිරිමල් කැකුළු මුවින්
ටිකිරි හිනා බිංදු
මට දෙනවද ළඳුනේ

කදිම උවම් යොදලා
කවි සීපද ගොතලා
හීතල දුරුතු මහේ
කියමුද අපි ළඳුනේ

ගායනය : ටී.එම්. ජයරත්න

දෙනුවන් හඬාවි මා සිත දැවේවි
සෙවනැල්ල සේ දැවටිලා වෙන්ව යාවි

සුළඟක්සේ ඔබ හමුවී එන්නට
හැකිවේනම්
ඉමිහිරි අතීතයේ බිඳුවක් පවසා
යළි එන්නම්

මාගෙන් ඈතක පාවී ඔබ සිත
දුරයාවි නම්
රඳවා ගන්නට මාලඟ ඔය සිත
පුරමි පැතුම්

ගායනය : චන්දන ලියනආරච්චි

හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ
නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේ
ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්
රිදුම් දෙයි ආදරේ

නෙතු සලා හමුවෙලා සුසුම කින් වෙන් වුනා
නෙතු සලා හමුවෙලා සුසුම කින් වෙන් වුනා

තුෂර පින්නේ පැතුම් කෝවිල්ලේ
ඔබේ සෙනෙහේ ඔහු හදේ රැදුනේ
එදා මතකය සිතේ අහුරා..
කාටවත් නොපෙනී අඳුරේ
ඉකිබිඳිමි රහසේ

නෙතු සලා හමුවෙලා සුසුම කින් වෙන් වුනා
නෙතු සලා හමුවෙලා සුසුම කින් වෙන් වුනා

සිනහ කඳුලේ දෙනෙත් දොවමින්
දුටුව සිහිනේ නෙත් වැසුනු අඳුරේ...
ඈත මීදුම් අතර සඟවා...
යන්න ප්‍රිය ලඳුනේ
හද සුසුම් පවනේ

රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ
රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ

හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ
නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේ
ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්
රිදුම් දෙයි ආදරේ

රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ
රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ .........
ගායනය : අමිල පෙරේරා

හදවත පාරන සොඳුරු හැඟුම්
හිරකර ගෙන සිටියා ඇති දැන්
සවනට ලංවී ආදරයෙන්
කියන්න කාලය දැන් ඇවිදින්

ඇසට ඇස තියා බලාන ඉන්න
ලැමෙහි හොවා හිස සුවෙන් නිදන්න
නිමක් නැතිව මල් හාදු පුදන්න
හිනා වෙලා මගෙ පෙම පිළිගන්න

කඳුළු පිසදමා සිනහ නගන්න
අඳුරු ලොවට මිණි පහනක් වෙන්න
සංසාරෙම එක් වෙලා හිඳින්න
මගෙ පෙම පිළිගෙන අවසර දෙන්න

ගායනය : රොෂාන් ප්‍රනාන්දු

මිනිසා
මරණ තුනක් ඇති මිනිසා
බලා සිටී......
නිරුවත් දෑසින්.....
බලන්න කන්‍යාවී...

ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී
පයෝධර තුඩු ඉකිබිඳිද්දී
සංත්‍රාසයෙන්
අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන්
වයන්න වීනා ... කන්‍යාවී...

නියගලා මල්පාට දේදුණු
දෙබෑ කර එන ගිරා පොව්වන්
පියුම් කැකුළක් තුඩින් පාරා
බලෙන් පුබුදන හංසයා
බලන්න නිරුවත් දෑසින්
ඔකඳ වී රිද්මයෙන්
රසා තලය කළ එළි ගන්වා
වයන්න වීනා ... කන්‍යාවී...

ගායනය : අමරසිරි පීරිස්

මට දුන්න දුක් ගින්න ඇවිලෙයි ඉතින්
රිදවන්නෙ විදවන්නෙ මාගේ හිතින්
කොයිකාට වූවාද මේ දුක් සුසුම්
ඉවසන්න හැකිවේද දුක් මේ තරම්
ඇවිලෙන්නෙ පෙම්පතක ලියවූ වදන්
අලුවේවි පෙරදිනක පැතු ඒ පැතුම්
කොයිකාට වූවාද මේ දුක් සුසුම්
ඉවසන්න හැකිවේද දුක් මේ තරම්

ලා රෝස මල් උයනෙ අපි පෙම් කළා
මල්වලට බඹරුන්ට පෙම් ගී ලියා
ඒ කාලෙ ආයේ යළි එන්නෙ නෑනේ
මදුමල් පිපේවීද නුඹෙ ලෝකයේ

කවදාක හෝ නුඹට සිහිවෙයි මගේ
පෙම් සිතක ඇති මහිම දැනෙනා දිනේ
යළි එන් එපා දැන් හිත සෑදුවා මං
නවතින්න ගිය තැනම නුඹෙ ලෝකයේ


ගායනය : දමිත් අසංක

කරුණා සුවඳ තවරාලූ හද පියුමේ
මවගේ සෙනෙහසයි උල්පත සැනසීමේ
දුවලා ඇවිත් පෙර ලෙස මා එක පිම්මේ
අම්මා කියන්නේ කාටද අද අම්මේ

ලේ කිරි කරලා මට පොවලා
මා හැදු වැඩු අම්මේ
පුංචිකාලෙ දණ ගාගෙන යන විට
නැගිටින්නට අත දුන් අම්මේ
හොඳින් නරක දේ වෙන්කරලා
ඔවදන් දුන් අම්මේ
මතු සංසාරෙදි ඔබේම පුතු ලෙස
උපදින්නට පතනෙමි අම්මේ
දුවලා ඇවිත් පෙර ලෙස මා එක පිම්මේ
අම්මා කියන්නේ කාටද අද අම්මේ

බඩගිනි වීලා හැඩු විටදී
මට බත් කැවු අම්මේ
පාසල් යවලා උගන්නලා මට
මා ලොකු මිනිසෙකු කළ අම්මේ
ආදරයෙන් මට අඩගහලා
පුතා කියූ අම්මේ
ඔබ මතු බුදුවී දහම් දෙසන විට
මමත් නිවන් දකිනෙමි අම්මේ..........


Karuna Suwanda.mp3


ගායනය : නිහාල් නෙල්සන්


Blogger Template by Blogcrowds